14. කාලය

90 24 24
                                    

අද නම් හිත බිඳිලා ලියන්නේ. මේ දැනෙන අවිනිශ්චිත බව හරිම මූසලයි. අපේ ජීවිත අවිනිශ්චිතයි තමයි ඒත් .....

මම අද උදේ පහේ ඉඳලා අහපු දේවල් එක්ක මට මතක් වුණේ ඉස්සර මම ආසාවෙනම බැලුව tv series එකක්. Grey's anatomy ...
ඒ නමින්ම anatomy පොතකුත් තිබුණා ඒ කාලේ අපිට. මොනවා වුණත් මම ආසාවෙන් බැලුවේ පොත නෙවෙයි, tv series එක...

ඒකෙ මම ආසම කෙනා neurosurgeon කෙනෙක්. එයාගේ මරණය තිබුණ කොටස මම බැලුවේ ගොඩක් කල් ගිහින්. ඒ දවස්වල පත්වීම් ලැබෙන කල් චූටි දූත් කුස දරාගෙන මම කළේ tv series බලන එක. බලලා ඉවර කරන්න බැරි වුණ Grey's anatomy එකත් ඔය ලැයිස්තුවේ තිබුනා.

ඒ neurosurgeon මැරෙන්නේ හදිසි අනතුරකින් මොළය අභ්‍යන්තරයට සිදු වෙන රුධිර වහනයක් නිසා. ඒත් එයා ඒ අනතුරට මුහුණ දෙන තැනට ආසන්නව තිබුණ රෝහලෙන් වැඩි අවධානයක් දෙන්නේ එයාගේ අනෙකුත් තුවාලවලට.

එයා head injury එකක් සැක කළත් එයාට ඒක වෙන අයට කියන්න විදියක් නෑ . ඒත් කතාවේ පසුබිමින් එයා හිතන දේවල් ඔක්කොම කියවෙනවා.

"මගේ ඇස් පරීක්ෂා කරන්න" (check my pupils)
"මට ct පරීක්ෂණයක් කරන්න" (do a ct brain now)
ඒ මොනවා හිතුවත් ඒ අතපසු වීමත් එක්ක අවසානයේ එයා ජීවිතෙන් සමු ගන්නවා.

ඒ වගේ දැන දැන මියයන්න වෙද්දි කොයිතරම් අසරණ වෙනවද... කරන්න ඕනෙ දෙයක් නිසි වෙලාවට, නිසි වේගයෙන් නොකරන එක හරිම අවාසනාවන්ත තත්ත්වයක් ....

අද ඇයි මට මේ සිද්ධිය මතක් වුණේ. මෙවැනිම සිද්ධියක්/ ජීවිත අහිමි වීමක් නැතත් ඊට ආසන්න දෙයක් අද අහන්න ලැබුණා. හදිසි තත්ත්වයක් යටතේ ඇඩ්මිට් වුණාම අදාල පරීක්ෂණ වෙලාවට කරන්න ඕනෙ.
උදාහරණයක් විදියට X ray එකක් ගහන එක කියලා හිතමු.
ඉතින් ඒක ගන්න රෝගියාව x ray ගන්න තැනට එක්ක යන්න ඕනෙ. බොහෝවිට ට්‍රොලියක. ඉතින් ඒ කාර්‍යට වෙන් වුණ සේවක කොටසක් ඉන්නවා. මොකද ලෙඩ්ඩු බලන්නයි, ට්‍රොලි තල්ලු කරන්නයි , ලෙඩ්ඩුන්ගේ බෙහෙත් විදින්නයි හැම එකම අනෙක් කොටස් දෙකේ අයට කරන්න බැරි නිසා.

රෑ දහයට හදිසි අනතුරක් වෙලා, රෑ දොළහට රෝහල් ගත වෙලා, අදාල x ray එක ගහගන්න වුණ ප්‍රමාදය පැය දෙකක් , ඒ කියන්නේ පාන්දර දෙකට තමයි x ray ටික අදාල වාට්ටුවට එන්නේ.
ඇයි මෙහෙම වෙන්නේ.....
ප්‍රදේශවාසීන්ට කියන්න තියෙන්නේ මේ කාන්තාරයේ අත පය කඩා ගන්නවා නම් , මුලින්ම ට්‍රොලිය තල්ලු කිරීමට කෙනෙක් සොයා ගන්න. ඉන් පසු ඕනෑම අස්ථියක් බිඳගන්න.

ජීවිතේ අවිනිශ්චිතයි තමයි. ඒත් මේ වගේ නිවැරදි කරන්න පුලුවන් දේවල්වලට පිළියම් යෙදෙන්නෙ නැත්තේ ඇයි කියලා මම දන්නේ නෑ. මේක ඇත්තටම කාන්තාරයක් , මේකට වැටුණොත් ආයෙත් ජීවිතේ හොයා ගන්න අමාරුයි ....
කාලය සමහර වෙලාවට තීරණය කරන්නේ ජීවිතය ......

කාලය සමහර වෙලාවට තීරණය කරන්නේ ජීවිතය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]Where stories live. Discover now