අපි විවිධ හේතු වලට බට මූට්ටු කරනවා. මැෂින් මගින් ලේ පිරිසිදු කරන අයගේ කටු ගැසීම සඳහා අපි ස්ථානීය නිර්වින්දනය / අදාල තැන පමණක් හිරි වට්ටලා බට මූට්ටු කරනවා.
ඉතින් සමහර දවස්වලට සර් එනකල් මම surgery එකේ මුල ටික පටන් ගන්නවා, මුලදි ඉතින් මාර stress, දැන්නම් ටිකක් හැඩගැහිලා ඉන්නේ.
දවසක් මම dessect කරන අතරේ (dessect කියන්නේ කපලා අපිට අදාල බටේ හොයා ගැනීම)
Running miss - මන්තරේ කිව්වද?
මම සහ assisting miss - මොන මන්තරේද?
Running miss - branch (බට වල කොටස්) නොකැපෙන මන්තරේ 🤪🤪
මම - එහෙම මන්තරයක් තියෙනවා ද?
Running miss - තිබ්බා නම් හොඳයි නේද ඩොක්ටර් ?
මම - ඉන්නකෝ මම ම එකක් හදලා දෙන්න....පස්සෙ ඉතින් ගෙදර ගිහින් හැදුවා මන්තරයක් , මේ තියෙන්නේ ඒක
බට මූට්ටු ලිස්ට් නං සඳුදා
ප්රමාදං ආරම්භ කරං
ආතුරයන් දෙන්නෙක් කැන්දං
බට දෙකක් කපං බද්ධ කරංලොකු පොඩි බට
හරියට පෙනියං
ස්නායු ටික නං බේරියං
චූටි බට ලොකු වී පෙනියං
නොකැපී ලේ නොම ගලා සිටිංමූට්ටුවෙන් ලේ ලීක් නොවෙං
Thrill එක, එක පාරෙන් දැනෙං
වෙලාවට list එක නවතිං
ගෙදර යන්නට ඕනේ මං 💚💚(Thrill එක කියන්නේ, ඒ බට දෙක මූට්ටු කළාම , අල්ලලා බැලුවම අතට දැනෙන දෙයක්, නාඩි දැනෙන විදියට වඩා වෙනස්. ඒක දැනෙනවා කියන්නේ වැඩේ සාර්තකයි )
ඔය face shield එකක් දාගෙන ඉන්නේ මමලු ඉතින්. ඕක නොදා හිහින් මූණෙන් එකක් ලේ නාපු දවසකුත් තිබුණා.
කාන්තාරය ජීවිතේ ලේසි නෑ. ඒත් මාත් එක්ක වැඩ කරන අය , විශේෂයෙන් මේ ශල්‍යාගාරයේ කාර්ය මණ්ඩලය හරිම හොඳයි. ඒ නිසා මම ඒ දවසට වැඩට යන්නේ ඇත්තටම සතුටින්....
STAI LEGGENDO
පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]
Saggisticaසහරාවේ ශාඛාවක පූදින්න පිං සොයන මම, ඇසින් දුටු, ඇස් තෙමූ, හදට දැනුනු, හද බිඳපු පුංචි පුංචි කතා...🌵🌵