17. ප්‍රතිජීවක

96 25 51
                                    

අද පතොක් පැළේ ලෙඩ වෙලා. E coli ඇවිත් පතොක් පැළේට වින කරලා ගිහින්. දැන් මේ බඩත් වකුටු කරන් ඇඳේ වැටිලා ඉන්න ගමන්.

ඉතින් පතොක් පැළත් ලෙඩ වෙනවලු නේ. අපරාදේ කියන්න බෑ, රෑ දෙගොඩ හරියේ රෝග ලක්ෂණ පහල වෙද්දි ගෙයි හරියේ හරි හමං ප්‍රතිජීවකයක් නෑ.

අමාරුවෙන් හොයල හොයලා කලින් ඉතුරු වෙලා තිබුණ cephalosphorin වර්ගයෙන් දෙකක් ගිල දැම්මා. පැරසිටමෝල් දෙකකුත් ගත්තා. ඒ අස්සේ හොඳ වැස්සකුත් වැටෙනවා එළියේ. අනේ නිදා ගන්න ආසාවේ බෑ. කොහෙද ඉතින්, වේදනා සංවේදන ගෙනියන ස්නායු එක්ක බෑනේ.

ඇස් දෙකත් තද කරලා වහගෙන, වෙන දෙයක් මතක් කර කර නිදා ගන්න උත්සහ කළා. ඔලුවට එන්නෙම "I am so sorry but its fake love, fake love, fake love" කියන සිංදුව විතරයිලු ඉතින්. සීතලට සැප නින්දෙ ඉන්න උතුමාණන් එක්ක හීනියට තරහක් තිබුණද මන්දා ඒ වෙලාවෙත්.

හිනා වෙවී කියෙව්වට දැන් මේ මම කරපු වැඩේ හරිද??
නැත නැත , සම්පූර්ණයෙන් වැරදි වැඩක්....
හිතුමතේ ප්‍රතිජීවක ගන්නවද එහෙම?
ගෙදර කොහොමද එක ජාතියකින් පෙති දෙකක් විතරක් ඉතුරු වුණේ?
ඔන්න වැරදි....
මම කලින් මොකක් හරි ලෙඩකට බොන්න ගෙනාපු ප්‍රතිජීවක බෙහෙත් ටික හරියට බීලා නෑ. ඒක බාගෙට බීලා නවත්තලා. ඒක ඉතාම වැරදි වැඩක්. සරල භාශාවෙන් කියනවානම් ප්‍රතිජීවක අහන්නේ නැතුව යනවා / ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ පෙති සමහර විට නැවත බිව්වොත් ඒ ලෙඩේ හොඳ නොවෙන්න පුලුවන්. ඒක ටිකක් ලොකුවට විස්තර කරන්න ඕනෙ දෙයක්. ප්‍රතිජීවක හිතුමතේ බොන්නවත්, හිතුමතේ බීලා නවත්තන්නවත් හොඳ නෑ. අන්තිමට අපිට දෙන්න බෙහෙත් නැති වෙන්න පුලුවන් , මොකද දෙන කිසිම බෙහෙතක් අහන්නේ නැතුව ගියාම. මේක අදාල ප්‍රතිජීවකවලට පමණි.

අනික් වැරැද්ද තමයි හරිනම් බෙහෙත් පටන් ගන්න කලින් culture පරීක්ෂණයක් කරන්න ඕනෙ. culture එකක් බැරි නම් රුධිරයේ විශබීජ ආසාදන මට්ටම පෙන්නන full blood count, C reactive protein level කියන දෙක. ඒවා මොකුත් නොකර තමයි ඉතින් මම පෙති ගිල්ලේ. මොකද මට අද වැඩ, ඒ නිසා මොකක් හරි උගුරෙන් පහලට දාගෙන කාන්තාරේ පෙනී සිටින්න ඕනෙ නේ.

තව එක වැරැද්දක් තියෙනවා , පළවෙනි මාත්‍රාව අරන් දෙවනි මාත්‍රාව ගන්න නියමිත පැය ගාණට වඩා පහු වුණා. ඒකත් වැරදියි. ඇඟේ ප්‍රතිජීවක සාන්ද්‍රණ‍ය නියමිත මට්ටමේ එක දිගට තියෙන්න ඕනේ. ඕනෙ ඕනෙ වෙලාවට බැක්ටීරියා surprise කරන්න යන්න හොඳ නෑ.

ඉස්සර මම වැඩ කරපු තැන බේත් ගන්න එන අම්මලා බබාලට "කුඩු දිය කරන බෙහෙත්" අනිවාර්යයෙන් ඉල්ලනවා. ඒ කියන්නේ ප්‍රතිජීවක සිරප් වර්ග. ඒත් ගොඩක් වෙලාවට දරුවන්ට හැදෙන්නේ වෛරස නිසා එන කැස්ස හෙම්බිරිස්සාව , ඉතින් නියමිත සාධක නැතිව දරුවන්ට ප්‍රතිජීවක දෙන එක මම කළේ නෑ. මට බැන බැන යන්න ඇති ඉතින්, මොනා කරන්නද?

 මට බැන බැන යන්න ඇති ඉතින්, මොනා කරන්නද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/n අද මේ නිකමට හිතට ආපු නිසා ලීවෙ. මාත් ලෙඩින් නිසා.... ඊළඟට හොඳ පතොක් කතාවක් ලියන්නම්. හෙට සිට දවස් තුනක් යුනිට් ටෙස්ට්, මට නෙවෙයි බබාට... 😭

පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]Where stories live. Discover now