24 ♡

1.3K 220 2
                                    

____________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________________________________

" ටිකක් .. ! හොද ටික .. ඉක්මනට වොෂ් එකක් දාගෙන එනවා කන්න .."

එහෙම කියපු ජිමින් යන්න ගියෙ බෝගම් ඔලුවත් කස කසම කාමරේ ඇතුලට යද්දී  ..

.

.

තවත් පැය භාගයක් විතර ගෙවිල යද්දි බෝගම් හිටියෙ කෑම කාමරයෙ තමන්ට අයිති  පුටුවේ වාඩි වෙලා තමන්ගෙ උදෑසන ආහාරය රස බලන්න සූදානම් වෙන ගමන් .. එතකොට ජිමින් හිටියෙ එයාගෙ උදේ ආහාරය අරගෙන ඉවර කරලා ඔහුගෙ කාමරේට වෙලා සැනසීමෙන් පොතක් කියවන ගමන් ..

ටික වෙලාවක් ඒ පොත කියව කියව ඉද්දි ඒක තවත් ඉස්සරහට කියවන්න කම්මැලි වගේ හිතුන ජිමින් බෝගම්ගෙ කාමරය පැත්තෙ වටයක් දැම්මෙ බෝගම් ලග තියෙන අභිරහස් විසදන,  පොඩ්ඩක් විතර බය හිතෙන පොතක් හොයාගෙන කියවන්න කියලා ..

තමන්ගෙ කාමරේ වගේ බෝගම්ගෙ කාමරේ ඇතුලට ආව ජිමින් බෝගම් ලස්සනට පිලිවෙලට හදල තිබුන ඔහුගෙ පොත් තියෙන book rack එක අවුස්සලා ඒක කනපිට හරවලා බොහොම අමාරුවෙන් විනාඩි විස්සක විතර කාලයක් වැය කරලා තමන්ට ඕන කරන විදියෙ අභිරහස් විසදන කුතුහලය පිරිච්ච ලස්සන පොතක් ජිමින්ට හොයා ගන්න පුලුවන් වුනා ..

හොයාගත්ත පොතේ පිටින් පේන කවරය දිහා බල බල බෝගම්ගෙ කාමරෙන් එලියට යන්න සැරසුන ජිමින්ගෙ ගමන මග නතර වුනේ බෙඩ් ටේබල් එක ලග චාර්ජ් එකට ගහල තිබුන බෝගම්ගෙ ෆෝන් එක රින්ග්  වෙන්න ගත්ත නිසා ..

කාමරයෙන් පිටවෙන එක මොහොතකට නතර කරපු ජිමින් ගිහින් තාමත් රින්ග් වෙන බෝගම්ගෙ ෆෝන් එක අතට ගත්තා .. Call ID එක බලපු ජිමින් ඇහි බැමි අකුල ගත්තා ..

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now