09 ♡

1.6K 235 43
                                    

____________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________________________________

" හ්යුන්ග් ඔක්කොම හොඳින් නේද .. ?"

ජන්කුක් අහද්දි යුන්ගි ඉක්මනට බොරුවක් කියන්නවත් තමන් ලග මේ වෙද්දි නැති ධෛර්යය කියන දේ තමන් ලගට එකතු කරගන්න උත්සාහ කරා ..

" ඔව් බේබි .. ඔක්කොම හොදින් .."

ජන්කුක්ට යුන්ගිගෙ වෙනසක් තේරුනත් එතන හිටිය අමුත්තො නිසා ජන්කුක් තවත් මොකුත් යුන්ගි ගෙන් අහන්න ගියෙ නෑ ..

කාලය හෙමින් හෙමින් ගෙවීගෙන ගියා .. යුන්ගිට ටේහ්යුන්ග් කියපු දේ ගැන හිතන්න තිබුන කාලයත් ඒ එක්කම හෙමින් හෙමින් ගෙවිල යන ගමනුයි තිබුනෙ ..

.

.

මේ වෙද්දි වෙලාව හවස 6ට විතර වගේ .. ඒ වෙද්දි හවස් සාදය හෙමින් හෙමින් අවසාන වෙන ගමනුයි තිබුනෙ .. ඒ වගේම තමයි යුන්ගි ගොඩක් කලබල වෙලයි හිටියෙ .. එයා ගන්න ඕන තීරණය ගැන තවම හරි තීරණයක් යුන්ගිට තිබුනෙ නෑ .. ජන්කුක් එයාගෙ හ්යුන්ග්ලා දෙන්න ලගට ගිහින් කතා කරද්දි යුන්ගි එතනින් පොඩ්ඩක් ඈතට ආවා ..

ජන්කුක් ගෙන් ටිකක්  ඈතට ආපු යුන්ගි ගියෙ වොෂ්රූම් එකක් තුලට .. වොෂ්රූම් එකට ගිය යුන්ගි ඔහුගෙ ටයි පටිය ලිහිල් කරන ගමන් කෑ ගහන්න පටන් ගත්තෙ පිස්සුවෙන් වගේ ..

" මං දැන් මොනවද කරන්න ඕන .. ටේහ්යුන්ග් කියපු විදියට ජන්කුක්ව එතනට අරන් යන්න ඕනද .. එහෙම අරන් ගිහින් ඊට පස්සෙමං ඔම්මට අප්පට මොනවද දෙන උත්තර .. එයාලා හැමෝම අද ගොඩක් සතුටෙන් හිටියෙ .. එතකොට ජන්කුක් .. මගේ බේබි එයාගෙ හබී එයාට මොනවද කරන්න හදන්නෙ කියලවත් දන්නෙ නෑ .."

යුන්ගි එයාගෙ ඉස්සරහ තියෙන විශාල කණ්ඩිය දිහා බලාගෙන ..

" අද ගෙවෙන රැයෙන් පස්සෙ මට මටවත් මුහුණ දෙන්න බැරි වෙයි .. මම ජීවත් වෙන්නවත් සුදුසු නැති එකෙක් .."

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now