![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ________________________________________________________________
" පැනල යන්න ප්ලෑන් කරනවා වගේ .."
ඇහුන හඬින් ගැස්සුන ජන්කුක් හෙමින් හෙමින් තමන්ගෙ පිටුපසට හැරුනෙ ඒ ගැඹුරු සීතල හඩේ අයිතිකාරයා දිහා බලන්න .. පිටුපසට හැරුන ජන්කුක් දැක්කෙ කෑම සහිත පිඟානක් එක අතක තියාගෙන අනෙක් අතේ පිරුණ වතුර වීදුරකුත් අල්ලගෙන , බෙල්ලත් පැත්තකට ඇල කරගෙන කට කොනේ රැදුන උපහාසාත්මක සිහනවක් සමගින් ජන්කුක් දිහා බලාගෙන ඉන්න ටේහ්යුන්ග්ව .. ටේහ්යුන්ග්ව දැකපු ජන්කුක් ව වෙව්ලූවෙ නෑ කිව්වොත් ඒක බොරුවක් .. ටේහ්යුන්ග් කොයිතරම් සන්සුන්ව හිටියත් ජන්කුක් දන්නවා ඒ සන්සුන්කම ඇතුලෙ පිරිලා තියෙන කේන්තියෙ තරම .
කොහොම නමුත් ජන්කුක් ගෙ උදේ ආහාරය අරගෙන ආව ටේහ්යුන්ග් ඔහුගෙ අතේ තිබුන කෑම පිරුණ පිඟානත් වතුර වීදුරුවත් බෙඩ් ටේබල් එක උඩින් තිබ්බා .. ජන්කුක් ඒ දිහා බලාගෙන හිටියා .. ජන්කුක් ගෙ හිත කෑ මොර දෙන්න ගත්තා තමන් කරපු දේට ටේහ්යුන්ග් ගෙන් දඬුවමක් තමන්ට අනිවාර්යයි කියලා .. ජන්කුක් ගෙ හිත අනතුරු අගවපු විදියටම ඊලඟට ටේහ්යුන්ග් කිව්වෙ ..
" බේබිට Punishment ඕන වෙලා වගේ වැඩකට නැති ප්ලෑන්ස් ගහන්නෙ .. ම්ම් .. බේබිට Punishment ඕනද .. !?"
ටේහ්යුන්ග් ගෙ සමච්චල් සහගත නමුත් ගැඹුරු හඩ ජන්කුක් ගෙ හිතේ බයක් නිර්මාණය කරද්දි ඉක්මනින්ම ඔලුව දෙපැත්තට වනන ගමන් ජන්කුක් ඒක ප්රතික්ෂේප කරා .. ඒත් ඉතින් ජන්කුක් ලගට හෙමින් හෙමින් ලංවුන ටේහ්යුන්ග් ගෙ මුව අග රැදිලා තියෙන අමුතු හිනාව දකිද්දි ඉස්සරහට වෙන්න යන්නෙ ඒ තරම්ම හොද දෙයක් නෙමෙයි කියල තේරුම් ගත්ත ජන්කුක් අඩියෙන් අඩිය පස්සට තියමින් ඔහුගෙත් ටේහ්යුන්ග් ගෙත් අතර තිබුන පරතරය තව තවත් වැඩි කරද්දි ටේහ්යුන්ග් කරේ ඒකෙ ප්රතිවිරුද්ධ දේ .. ටේහ්යුන්ග් හෙමින් හෙමින් ජන්කුක් වැඩි කරන පරතරය අඩු කරන ගමන් ජන්කුක් ලගටම ලං වුනේ තමන්ගෙ ගමනාන්තය සුදු පැහැති බිත්තියට සීමා කරපු ජන්කුක් කරන්න ඕන දේ හිතාගන්න බැරුව ලත වෙද්දි ..
![](https://img.wattpad.com/cover/323287084-288-k694207.jpg)
YOU ARE READING
SOLD BRIDE || Completed ✅️
Fanficජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවිද ... ........ Tae ♡ Kook ...... Cover by @lchi_jk 2023/04/05 - Taehyung #1 🥇 ...