05 ♡

1.5K 250 5
                                    

__________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________________________

දින තුනක් ගෙවිලා ගියා ..

යුන්ගි ටේහ්යුන්ග්ව මුණ ගැහිලා අදට හරියටම දින තුනක් ගෙවිලා ගිහින් .. යුන්ගි හිතුවෙ එයා ටේහ්යුන්ග් ගෙ යෝජනාව පිලි නොගත්ත නිසා ටේහ්යුන්ග් තමන්ට නොසෑහෙන්න වද දිදී ඉදීවි කියලා .. ඒත් යුන්ගි හිතපු කිසිම දෙයක් වුනේ නෑ .. ටේහ්යුන්ග් යුන්ගි හිතුව වගේ මොකුත්ම කරේ නෑ .. ටේහ්යුන්ග් නිශ්ශබ්දව හිටියා මේ ගෙවිලා ගියපු දවස් තුනම .. ටේහ්යුන්ග් ගෙන් තමන් බලාපොරොත්තු නොවුන විදියෙ ප්‍රතිචාර ලැබෙද්දී යුන්ගි ගෙ හිතට අමුතු බයක් දැනෙන්න ගත්තා .

පැරණි කියමනකත් තියෙනවනෙ දරුණු කුණාටුවකට කලින් මුලු පරිසරයම ගොඩක් සංසුන් කියලා .. ටේහ්යුන්ග් නුත් හරියට ඒ වගේ .. ටේහ්යුන්ග් කියන කුණාටුව හමන්න කලින් තියෙන සංසුන් කමද මේ තියෙන්නෙ කියල යුන්ගි ගෙ හිත එයත් එක්කම ප්‍රශ්න කරත් ඒ හිත එයාට හරි උත්තරයක් දුන්නෙ නෑ ..

ටේහ්යුන්ග් දවස් තුනක් බොහොම සාමකාමීව ගෙවිලා යන්න ඉඩ දුන්නෙ යුන්ගි ගෙ තීරණය එයාට නිදහසේ ගන්න ඕන නිසයි .. දැන් ඒ දවස් තුන ගෙවිල ඉවරයි කියන එකේ තේරුම තමයි ටේහ්යුන්ග් යුන්ගිට තීරණයක් ගන්න කියල දුන්න කාලය අවසන් කියන එක ..

යුන්ගි හිතුව වගේම ටේහ්යුන්ග් කියන කුණාටුව එයාලගෙ ජීවිත වලට හමාගෙන එන්නයි යන්නෙ ..

ට්‍රීං  ට්‍රීං ~~

ටේහ්යුන්ග් ගැනත් එයාගෙ වචන ගැනත් හිතන ගමන් කල්පනා සාගරයේ කිමිදෙමින් හිටිය යුන්ගි ගැස්සිලා හරි සිහියට ආවෙ එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තු නිසා .. ෆෝන් එක අතට ගත්ත යුන්ගි කෝල් ID එක දැක්ක ගමන්ම ලොකු හුස්මක් ඉහලට අරගෙන පහලට පිට කරලා දැම්මා ..

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now