![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. _______________________________________________________________
පැය ගණන් ගත වෙලා ගියා .. සූර්යයාව අත්පත් කරගත් අඳුර මුලු පරිසරයම වසා ගත්තත් ටේහ්‍යුන්ග් තවමත් ඔහු සිටි තැනම සිටගෙන සිටියා .. , ඔහු නොසැලී සිටියා මෙන්ම හෝරා කිහිපයකට කලින් සිදු වුන කිසිම දෙයක් පිළිගැනීමට ටේහ්‍යුන්ග් ගෙ මුරණ්ඩු සිත සූදානම්ව සිටියේද නැත ..
ජින් සහ ජුන් ඒ වන විටත් පිටව ගොස් සිටියා වගේම පූජකවරයා පිටත්ව යාමට ආසන්නව සිටියා .. පැමිණ සිටි අමුත්තන් සියල්ලක්මත් මේ වෙද්දි පිටව ගිහින් තිබුනා වගේම පැමිණ සිටි සියලුම මාධ්‍ය වාර්තාකරුවනුත් ඔවුන්ට ලැබුන වටිනා පුවතත් රැගෙන පිටව ගියේ ටේහ්‍යුන්ග් ඔහුගේ මව වූ මිසිස් කිම් සමග තනි වෙද්දි .. හැමෝම ටේහ්‍යුන්ග්ව අත්ඇරල යද්දි ඔහුගෙ මව වූ මිසිස් කිම් ඔහු සමඟ සිටියේ ඔහුට සහය දෙන ආදරණීය මවක් ලෙසින් ..
තවත් පැයක පමණ කාලයක් බලාගෙන හිටිය මිසිස් කිම් හුස්මක් හෙලන ගමන් හිටගෙන බලාගෙන ඉන්න ටේහ්‍යුන්ග් අසලට ගිහින් ඔහුගේ උරහිසෙන් තමන්ගෙ අත තියා ඒ උරහිස තදින් අල්ලගෙන ..
" ටේ .. අපි දැන් යන්න ඕන .. ගොඩක් රෑ වෙලා .. එයා එන්නෙ නෑ පුතා .."
ටේහ්‍යුන්ග් ලගට ගිහින් ඔහුගෙ උරහිසට අත තිබූ මිසිස් කිම් කිව්වත් ටේහ්‍යුන්ග් , ඔහුට දැනුන ස්පර්ශය නිසාවත් හැරි නොබලා තවමත් අලංකාරවත්ව සරසා එලා තිබු රතු පලස සහිත ඇතුල්වීම දිහා බලාගෙන හිටියා ..
මිසිස් කිම් ගෙ වචන එක්ක බලාපොරොත්තු සුන් වූ ටේහ්‍යුන්ග් දණින් වැටෙද්දි ඔහු ලගම සිටි මිසිස් කිම්ද ඉක්මනින්ම බිමට පහත් වුනේ ටේහ්‍යුන්ග්ව අල්ලගන්න .. සීතල ටයිල් පොලව මත දණින් වැටුන ටේහ්‍යුන්ග් අඩන්න පටන් ගත්තා .. ගොඩක් සද්ධෙට .. පුංචි දරුවෙක් වගේ ටේහ්‍යුන්ග් හොඳටම ඇඬුවා .. වේදනා දෙන තමන්ගෙ හදවතට අත තියාගෙන ටේහ්‍යුන්ග් කෑ ගගහ අඩද්දි අඩන ටේහ්‍යුන්ග්ව තමන්ට වාරු කරගත් මිසිස් කිම් අමාරුවෙන් වුනත් ටේහ්‍යුන්ග්වත් අරගෙන එතනින් පිටත් වුනේ වෙලාව රාත්‍රි 10 ත් පහු වී ගොස් තිබියදී ..
![](https://img.wattpad.com/cover/323287084-288-k694207.jpg)
YOU ARE READING
SOLD BRIDE || Completed ✅️
Fanfictionජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවිද ... ........ Tae ♡ Kook ...... Cover by @lchi_jk 2023/04/05 - Taehyung #1 🥇 ...