41 ♡

1.3K 234 36
                                    

_____________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_____________________________________________________________

කාමරෙන් එලියට ආව ජන්කුක් හෙමින් හෙමින් පඩිපෙල බැහැගෙන living room එකට ඇවිදගෙන ආවත් ටේහ්යුන්ග් නම් පේන්න හිටියෙ නෑ .. living room එක පුරාම ඇස් අරගෙන ගියත් ජන්කුක්ට ටේහ්යුන්ග්ව නම් හොයාගන්න බැරි වුනා ..

ටේහ්යුන්ග් කොහෙද කියල maid කෙනෙක්ගෙන් අහන්න තීරණය කරපු ජන්කුක් maid කෙනෙක්ට කතා කරන්න උත්සාහ කරද්දිම ඔහුගෙ දුරකථනය නාද වෙන්න පටන් ගත්තෙ ජන්කුක් ගෙ සම්පූර්ණ අවධානය අතේ තියෙන දුරකථනයට යොමු වෙද්දි ..

Call ID එක දැක්ක ජන්කුක් ගෙ මූණ අමුතු වුනේ ඒක unknown number එකකින් ආව කෝල් එකක් නිසයි .. මුලදි කෝල් එක ආන්සර් කරන්න පැකිලුණ ජන්කුක් අන්තිමට ඕන එකක් කියල හිතල කෝල් එක ආන්සර් කරල ෆෝන් එක කනෙන් තියාගත්තා ..

" Hello  .."

ෆෝන් එක කනෙන් තියාගත්ත ජන්කුක් කතා කරද්දි එහා පැත්තෙන් ප්‍රතිචාර විදියට ඇහුනෙ ජන්කුක්ට ගොඩක් හුරු පුරුදු හඩක් ..

" ආ Hello කුක් .. මේ මං .."

" මෝචි ඔයා ..!"

ඔව් ඒ මෝචි .. නැත්නම් ජිමින් .. ජන්කුක්ට පුලුවන් වුනා ජිමින්ව හදුන ගන්න ..

" ඔව් කුක් මං තමයි .. ඔයා කොහෙද ඉන්නෙ කුක් .. !  මම ඉන්නේ ටේහ්යුන්ග් ගේ පෙන්ට්හවුස් එකේ .."

ජිමින් කනස්සල්ලට පත් හඬකින් අහද්දි ජන්කුක් ..

" ඔයා මොනවද ඔතන කරන්නෙ මෝචි ..?"

ජන්කුක් ගෙ හඩේ ගැබ් වෙලා තිබුනෙ පුදුමයක් වගේම බයක් ..

" මං ආවෙ ඔයාව හොයාගෙන .. ඔයාව මෙතනින් බේරගෙන යන්න .. ඒත් දැන් කවුරුත් මෙතන නෑ .. ඔයා කොහෙද ඉන්නෙ ජන්කුක් .."

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now