02❤✨

97 11 4
                                    


බෙල් එක වැදුනට පස්සේ ගාථා කියලා.ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කතාකරලා,මැඩම් කතාකරලා,අලුතින් ඔලෙවල් වලට ආපු නිසා ලොකු විස්තර ගොඩකුත් කියලා අපිට පන්තිවලට යන්න කිව්වේ අපි හැමෝටම හිටගෙන ඉදලම එපා වෙලා තියෙද්දී.

අපේ සෙට් එක ක්ලාස් එකට ඇවිල්ලා පුරුදු විදිහට අන්තිම පෝලිමට ගියේ දෙපැත්තට බෙදලා තියන ක්ලාස් එකේ එක පැත්තකට ඩෙස් හතරක් දාලා තිබුනු අන්තිම පෝලිමයි ඊට කලින් පෝලිමයි අපිටම අයිති කරගෙන. පන්තියේ සිංහල මාධ්‍ය ලමයි 32කට ඉංග්‍රීසි මාධ්‍ය ලමයි 10ක් හිටියා. හැම අවුරුද්දකම පන්ති මාරු කරත් හය වසරේ ඉදන් English medium ලමයි එකටම ඉන්න නිසා කවදාවත් අපි sinhala medium ලමයි එක්ක වැඩි කතාබහට ගියේ නෑ. ඒනිසාදෝ මන්දා ඒ ලමයි හිතාගෙන හිටියේ English medium ලමයින්ගේ හෙන ලොකුකම කියලා. අපිව අදුරන අයනම් දන්නවා ඉතින් අපි ගැන.

පන්තියේ මුල්ලකට වෙලා පන්තියේ ඉන්න ලමයි ගැන ලොකු කල්පනාවක හිටිය මම අහම්බෙන් දැක්කේ ලස්සන කොන්ඩෙ දිග, සුදු, උස, තරුණ, ලස්සන කොල පාට සාරියක් ඇදලා හරි ලස්සන විදිහට අපේ ක්ලාස් එක පැත්තට ඇවිදගෙන එන මිස් කෙනෙක්ව.

ආව මිස් ක්ලාස් එකේදි අපේ අවුරුදු දෙකේම පන්තිභාර ඒ මිස්ට කියලා අදුන්වලා දුන්නේ ඒ මිස් චතුරිකා කියලා අපිට කියද්දි මිස්ගෙ විශය සිංහල කියලත්,අපිට දගලන්නේ නැතුව අපේ වැඩ කරගන්න කියලත් මිස් පන්තියෙන් ගියේ අපිට period එක වෙලාවට එන්නම් කියලා.

පලවෙනි දවස නිසා අද ඉගැන්නුවේ නෑ.කාලසටහන් දීලා,මැඩම් කතා කරලා, ඔලෙවල් වලට හොද රිසාල්ට් එකක් ගන්න කියලා මැඩම් ගියා. මම කාණ්ඩ විශේෂන් වලින් සංගීත,කොමස්, ICT, තෝරගෙන තිබුනේ, අපෙ සෙට් එකේ ගොඩක් අය ඒ ටිකම තෝරගෙන තියෙද්දි.

ඉස්කෝලේ ඉවල වෙලා පොල් පටවලා වගේ යන අපේ ස්කූල් බස් එකේ පැය බාගයකින් විතර ගෙදර ආවේ හතරට ක්ලාස් නිසා.ඔලෙවල් වලට අද ඉස්කෝලේ පටන් ගත්තා උනත් ගිය මාසේ ඉදන් පන්ති පටන් අරන් තිබුනා.මම ක්ලාස් ගියේ සිංහල,ඉතිහාසය,ගණිතය,කොමස්,ICT, විතරයි. ඒකත් ගෙවල් ලගම තිබුන ක්ලාස් එකකට.

AprakashithaWhere stories live. Discover now