18❤✨

29 5 19
                                    


"Lexi!! ඕක හපන්න එපා බන්. මට දැන් සෙරෙප්පු ගෙනල්ලම එපා වෙලා. හපනවනම් දෙකම හපපන්කෝ. එකක් හපලා යන්නේ අනික මට හපන්නද..ruby!!!....... ඒයි rubyyyy...අනේ මගේ ලැජ් එක කැඩෙයි අහකට වෙනවා~~~....දෙන්නම දුවනවා කාමරෙන් එලියට.උබලා දෙන්නා මට ඉන්න දෙන්නේ නැද්ද. හයියෝ කාවින්ද මට දීලා තියෙන්නේ මාර මරාල දෙකක්නේ..........."

"බුහ් බුහ්..."

"මොකද බුරන්නේ..මේ මගේ කාමරේ එලියට!!...එලියට..!!. පාඩුවේ ඉන්න බෑ ඔක්කොම වයර් රෙදි හපනවා අර කුස්සියට ගිහින් වලදක් හපනවකෝ මට වද දෙන්නේ....."

මේ යක්කුදෙන්නා දැන් ටිකක් ලොකුයි. පුදුම දැගලිල්ලක් තියෙන්නේ. ඊයේ ගෙනාපු අලුත් සෙරෙප්පුව කන්නනේ හැදුවේ.. අම්මපා මුන්දෙන්නා මට පපුවේ අමාරුව හදනවා කොයිවෙලේ හරි. ඊයේ අම්මගේ අලුත්ම කාර්පට් එක කෑවා කියලා දුන්නා දෙන්නටම ශොට් එකක්.

 ඊයේ අම්මගේ අලුත්ම කාර්පට් එක කෑවා කියලා දුන්නා දෙන්නටම ශොට් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lexi

Lexi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ruby

අපේ ලෙක්සී කෙල්ලට වඩා රූබි කෙල්ල ටිකක් තද පාටයි.මේ ඩබල දැන් ඉන්නේ මාර දැගලිල්ලක් තියන වයසක. අවුරුද්දක්වත් යනකන් මට නිදහසක් නෑ වගේ...............

"අශන්‍යා!!......."

"ඕ අම්මා...."

අප්පටසිරි ඒ පාර මොකෝ.. අම්මා මට ඔය නමින් කතාකරනවා කියන්නේ මොකක් හරි ලොකු බාල්දියක් වගේ..මයි ටයිම් හෑස් කම්....

AprakashithaWhere stories live. Discover now