'හොද වෙලාවට ඔයාට මන් ගැන ගානක් නැත්තේ..නැත්තම් ඔයත් මම වගේම තවමත් අපි ගැන මතක් කර කර විදවයි. ඔයා අත ඇරියේ නැත්තම් අපේ අත් තවමත් එක පැටලිලා නේද කියලා මතක් වෙද්දී මටත් හිත හදාගන්න අමාරුයි. හැබැයි ඒ දේවල් ඒ විදිහට උනා. ඔව් අවුරුද්දක් ගියත් තාමත් මම ඔයා ගැන හිතනවා.අවුරුද්ක ආදර කතාවක් ඇතුලේ මතක අඩුයි කියන්න බෑ. දවසක් හරි අවංකව ආදරය කරන ඔනේම කෙනෙක්ට කාලයක් මතක් කර කර සතුටු වෙන්න වගේම දුක් වෙන්නත් මතක ගොඩ නැගෙනවා. ඒ මතකවල අතරමන් උනාම නැවත ගොඩ එන්න ක්ශනික වෙදනා නාශක, මත් ද්‍රව්‍ය වලට මිනිස්සුන්ට පුරුදු වෙන්නම වෙනවා. මානසික පීඩනය උපරිම වෙච්ච තැනකදි අධිමාත්‍රාවෙන් වේදනා නාශක ගත්තා කියලා බනින්න කාටවත් අයිතියක් නෑ. මොකද තමන් තෝරගත්ත මාර්ගයේ ගිහින් විදවලා අන්තිමට තමන්ටම සැනසීමට පාරකුත් හොයාගන්නම වෙනවා.ඉතින් පොරොන්දු වෙනවා ඔයා ගැන මම මතක් කරන අන්තිම දවස අද කියලා. හෙට ඉදන් මටත් අලුත් ජීවිතයක් ඔනේ. අලුත් ආරම්භයක් ඔනේ.. හැමදේටම මෙතනින් කොමාවක් නොතිය තිතක් තියන්න මම වගබලා ගන්නම්. කෙටිකාලීන මතකට ඇවිල්ලා දිගුකාලීන රිදීමක් ඉතිරිකරාට ඔයාට ස්තූති අයාන්........................'
මමහිටියේ ඊයේ රෑ අන්තිම පාරට ලියපු ඩයරිය දිහා බලාගෙන. ඔව් තීරණය කරා අතීතයට සමුදෙන්න.කෙනෙක් අහයි,
ඒත් ඇයි...?
මට මගේ මානසික නිදහස වටින නිසා.
මේ සතියට කලන්තේ තුන් පාරක් හැදෙන්න ආවා. කොන්ඩේ හොදටම යනවා. ඔලුව පුපුරන්න රිදෙනවා. එක්සෑම් ඉවර උනාම මෙච්චර මම කල්පනාවට වැටෙයි කියලා මම හිතුවේ නෑ. මම අමතක කරන්න හදන හැම තැනකදීම ආපහු ඒ අතීතේ කවුරු හරි මට මතක් කරනවා. මාව දැක්ක තැන පස්සෙන් එන අයාන්, මම අනවශ්‍ය සම්බන්ධකමක පැටලිලා කියලා මට බනින අයියා, කොහොම හරි අයාන් ගැන මතක් කරන සිහෙලි. මේ හැම දෙයක්ම මට දැන් මාර කරදරයක්.
මීට සතියකට කලින් මට අයියාගෙන් කාලෙකට පස්සේ කෝල් එකක් ආවා. සතුටින් කෝල් එක ආන්සර් කරාට අයියා මට බොරු චෝදනා කරනවා අනවශ්‍ය සම්බන්ධකමක මම පැටලිලා කියලා අයියට කවුද කිව්වලු. අවුරුද්දක් ගියාට පස්සේ මේ වගේ මෝඩ දේවල් අයියට කියන්නේ කවුද කියලනම් මම දන්නේ නෑ. හැබැයි අයියා නිසා අම්මයි තාත්තායි පවා මාත් එක්ක පොඩ්ඩක් අමනාපකමකින් ඉන්නේ. ඒයා මාව අත ඇරියා මදිවට ඉන්න අයවත් මට නැති කරනවා.
YOU ARE READING
Aprakashitha
Romanceප්‍රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30