"හෙට ක්ලාස් එනවා නේ රශි..""ම්ම් ඔව් එනවා."
"මොකො අවුලෙන්."
"තාත්තා බැන්නා බන්."
"මොකෝ කේස් එක"
"අර පීනට් ඇලජි එක නිසා හොස්පිටල් හිටියනේ. ඒ සීන් එකට."
"අංකල් මොකෝ කියන්නේ"
"බලාගෙන කන්න තිබ්බලු. පොඩ්ඩක් අහලා බලන්න එපෙයි ලූ. එහෙම එහෙම කියලා බැන්න බන්."
"එකේ ඉතින් වැරැද්දක් නෑ බන්. උබට ඔවා මාරන්තික විදිහට ඇලජික් නේ බන්."
"හරි ඉතින්"
"මෙහෙමනේ බන් අංකල් උබ ලගක ඇත්තෙත් නෑ. ඒයා උනත් කැමැත්තකින් ගිය ගමනක් නෙමේනෙ ඔය. බලපන් උබව බලාගන්නම වෙනම කෙනෙක්වයි. අර දඩෝරියො දෙන්නව මේන්ටේන් කරන්නයි ඔක්කොටම අංකල්ට පට්ට ගානක් යනවා ඇතිනේ. උබේ ආරක්ෂාව ගැන හිතලම අර අපාර්ට්මන්ට් එකත් අරගෙන. බස් වල යවන්නේ නැතුව වාහන ලෑස්ති කරලා. හැමෝම උබව හොයද්දී හැමෝගෙන්ම උබව හංගලා තියලා ඒ සේරම කරද්දී උබ පීනට් ඇලජි එකක් නිසා හොස්පිටල්. උබ කියන්නේ ශෙහාන් අයියා මට කතා කරලා ඇහුවේ නිකන් හලෝ හරි අසරණ උන මනුස්සයෙක් වගේ. මමත් දවල් පොඩ්ඩක් නිදාගෙන හිටියේ. සිරාවට මාත් බයඋනා මොකද උනේ කියලා.
"හරි බන්. හිතලා කරේ නෑනේ."
අපි හිටියේ ක්ලාස් ඉවර වෙලා පඩිපෙළ බහින ගමන්. මේ ක්ලාස් එකේ තට්ටු හෙන ගොඩක් උඩට යන්න ඕනේ ක්ලාස් එකට. නැගලා බැහැලාම කකුල් රිදෙනවා අපේ.
පෙරේදා උන සිදුවීම රෑ ශෙහාන් අයියා තාත්තාට කියලා තාත්තා අයියට කියලා මට හොද දේශනාවක් අහන්න උනා. ඔය ඔක්කොමත් හරි ඊයෙත් ඕකට බනිනවනේ.අනිත් එක මිහින් අයියා. එයා මාත් එක්ක හිත් අමනාපකමකින්ද මන්දා ඉන්නේ. කොහොමත් හම්බුනේ නෑ. ඒ උනාට ගෙදර ආවා කියලා මැසේජ් එක දැම්මහම ok කියලා විතරයි දාලා තිබ්බේ.
ක්ලාස් එක ඉවරයි. දැන් වෙලාව හවස හතරයි. මම ඉතින් වෙනදට ශෙහාන් අයියා වාහනේ තියන් ඉන්න පැත්තට ඇවිදගෙන ගියා.මම යනකොට ශෙහාන් අයියා කතා කර කර හිටපු කෙනා දැකලා මාව එතනම ගල් උනා.....
YOU ARE READING
Aprakashitha
Romanceප්රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30