"නැගිටින්න ලමයෝ...කාමරේට ඉර එනකන්ද ඔය උඩ දාගෙන ඉන්නේ....රශිනී....නැගිටින්න..."
"ඒ ලමයට ටිකක් නිදාගන්න දෙන්න. අපි ලග ඉන්නකන් විතරයිනෙ ඔය නිදහස තියෙන්නේ.."
"එහෙම හරියන්නේ නෑනේ.. අපි තීරණ ගත්තානම් ඒවට මෙයාවත් ලෑස්ති කරන්න වෙනවා අපිට."
"එයා ඔවට පුරුදු වේවි. දැනට ඉන්න දෙන්න."
"එහෙම හරියන්නේ නෑනේ නලින්. අපි මේ ලමයව ඒවට ලෑස්ති කරන්න ඕනේ. මේ ඉන්න විදිහට මෙයාට අපි නැතුව මුකුත් කරගන්න බෑනේ. අපි හිතුවේ නෑනේ මේ තීරණය ගන්න වෙනවා උනාට මෙච්චර ඉක්මනට ගන්න වෙයි කියලා. දැන් ඉතින් අපිට තියෙන්නේ මෙයාව සූදානම් කරන්න විතරයි."
"මේ අහන්න. ලමයි හැමදාම අපි ගාව ඉන්නෙ නෑ. අපි ලමයි හදනවා තමයි. ඒ උනාට හරි කාලේට එගොල්ලෝන්ට එගොල්ලෝන්ගේ නිදහස අපි දෙන්න ඕනේ. පිරිමි ලමයෙක්ට අවුරුදු විස්සක් වෙද්දී වගකීම් ගොඩකට මුහුන දෙන්න වෙනවා වගේම ගෑනු ලමයෙක් උස්මහත් උනා කියලත් තනි තීරණ මත යැපෙන්න අයිතියක් ලැබෙන්නේ නෑනේ. ගෑනු ලමයෙක් මුල් කාලේ අම්මයි තාත්තායි යටතේ ඉදන් ඊට පස්සේ විවාහ උනාම හස්බන්ඩ් නැන්දම්මාට යම් තරමක් හරි යටත් වෙන්න වෙනවා. අපිට පුලුවන් කාලයක් අපි යටතේ ඉන්නකන් එයාට කැමති විදිහට නිදහසෙර ඉන්න දෙමු. ඕනේ නම් තව අවුරුද්දක් බරක් පතලක් නැතුව ඉදී. එයාම තේරුම් අරගෙන ඉන්නකන් අපි එයාට කැමති විදිහට ඉන්න දෙමු."
"ඔයා තමා ලමයි හුරතල් කරන්නේ.."
"ඔන්න ඔහේ තව පැයක් දෙකක් නිදා ගත්ත දෙන්."
"තාත්තයි දුවයි ඕනේ දෙයක්."
මම හිටියේ ඇදට වෙලා අම්මයි තාත්තාගෙයි කතාව අහගෙන. මම ගොඩක් වෙලාවට කැමතිම මම නොහිතන පැති වලින් ඒගොල්ලො මාව තේරුම් ගන්නවට.වෙලාව තියන නිසා මම අනිත් පැත්ත හැරිලා තව ටිකක් නිදාගත්තා.
පැය එක හමාරක් විතර නිදාගෙන මම එලියට එනකොට තාත්තා බල්ලො දෙන්න එක්ක එලියට වෙලා ඉන්නවා.අම්මා නම් කුස්සියෙද කොහෙද. වොශ් එකක් දාගෙන මම මිඩියා ක්ලාස් යන්න ලෑස්ති උනා. දැන් වෙලාව නමයයි. ක්ලාස් දහය හමාරට.
YOU ARE READING
Aprakashitha
Romanceප්රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30