🚪knok knok🚪
"ඇන්ටියෝ.....නැගිටලා ද..."
"රශි දූ නේද..."
"ඔව් ඔව්.."
"එන්න ඇතුලට...."
"අම්බෝ මේ කොරිඩෝ එක මාර කරුවලයි නේ...."
"තව ටික වෙලාවයි දුව. අපේ පුතා නිදිද..."
"ඔව් ඔව්. මම එයා කමරේට යන්න කලින් එක යතුරක් ගත්තා. අපිට වෙලාවට යන්න පුලුවන් එකේන්."
"ඒක හොදයි. කේක් එකත් ගේනවා..තව විනාඩි දහයක් තියනවා.."
"හා.."
දැන් වෙලාව රෑ එකොලහයි පනහට ලගයි. අපි හැමෝම මේ නැගිටගෙන දගලන්නේ කාවින්දගේ උපන්දිනේට. හෙට තමයි දවස. හෙට කියන්නේ තව විනාඩි දහයකට පස්සේ ලබන දවසේ..
කාවින්දගේ උපන් දිනේට මේ විදිහට ඒයාව පුදුම කරන්න අපි ප්ලෑන් කලේ කොලඹ ඉද්දීමයි. මෙහේ හොටෙල් එකට කියලා කේක් එකක් ලෑස්ති කරලා අපි කට්ටියම තෑගිත් කාවින්දට හොරෙන්ම අරගෙන ආවා...
දැන් වෙලාව හරි මමයි අම්මයි තාත්තායි කාවින්දගේ අම්මයි තාත්තායි ඔක්කොමලා දැන් මේ හිටගෙන ඉන්නේ කාවින්දගේ කාමරේ ඉස්සරහ. මම හිතනවා අද දවස එයාට කවදාවත්ම අමතක වෙන එකක් නෑ කියලා.
දොරේ ලොක් එකට හොරෙන්ම යතුරදාලා සද්ද නැතු වෙන්න අපි කාමරේ දොර ඇරියා...
"ශ්.. ශ්... මෙයා ඇහැරෙයි.... සද්ද කරන්න එපා.."
අපි කට්ටියම හොරෙන් කාමරේට ගියා. එයා හොදටම නිදි. මෙහෙම හොරෙන් කොල්ලෙක් නිදාගෙන ඉන්න කාමරයක් ඇතුලට යන එක සදාචාරසම්පන්න නෑ තමයි. කමක් නෑ අදාල පුද්ගලයගේ ගෙදර අය ඉන්නවානේ. ඔන්න මම දන්නේ නෑ.
"Surprise...........!!!!"
අපි හතරදෙනාම හයියෙන් කෑගැහුවා............................
"බුදුඅම්මෝ........."
සැක් මේ මෝඩයා බය උනා නේද... බය වෙන්න නෙමේ බන් සතුටට හිනා වෙයන්කෝ........
"Happy birthday putha"
මුලින්ම කාවින්ද ගේ අම්මයි තාත්තා එයාට විශ් කරලා කිස් එකක් දුන්නා.. මූ තාම මොන්ගල් වෙලා වගේ ඉන්නේ...හයියෝ...
YOU ARE READING
Aprakashitha
Любовные романыප්රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30