"අහගනින් ඉතින්...""ආව්.."
ටොක්කකුත් ඇන්නා. මදැයි චෙනායගෙන් පාඩමක් අහගන්න ගියා. මහ දුශ්ටයි අප්පා.......
"ඉල්ලුම් නම්‍යතා වර්ග හතරයි. මම සරලව ඒ ටික ගැන කියලා දෙන්නම්. පලවෙනි වර්ගේ තමයි පූර්ණ අනම්‍ය ඉල්ලුම, ඒ කියන්නේ මිල වෙනස් උනත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවෙන අවස්ථා. උදාහරණයක් විදිහට ගත්තොත් මිල දහයේදී සීයක් ඉල්ලුවට මිල පහලව උනා කියලා ඉල්ලුම් ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් වෙන්නේ නෑ. වෙනසක් වෙනවා ඇති හැබැයි ඒක සලකන්න බැරි තරම් අඩු ප්‍රමාණයක් නිසා සලකන්නේ නෑ. හිතන්නකෝ මිනිපෙට්ටි ගැන. මිනිපෙට්ටියක් කොච්චර ගනන් ගියත් මනුස්සයෙක් මැරුනොත් අනිවාර්යයෙන්ම මිනි පෙට්ටියක් ගන්න ඕනේ. ඉතින් ඒකේ මිල වැඩි උනාට ඉල්ලුම් ප්‍රමාණයට බලපෑමක් නෑ. තේරුනා ද.."
"ම්ම්"
"එතකොට හලෝ පූර්ණ අනම්‍ය ඉල්ලුමකදි Edp අගය බිංදුවයි. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදීම මිලෙහි වෙනස ගත්තහම ඉල්ලුම් ප්‍රමාණයට වෙනසක් නෑනේ. බිංදුව ඕනේ ගානකින් බෙදුවහම බිංදුවම නිසා Edp අගය බිංදුවයි. එතකොට මේකේ ඉල්ලුම් වක්‍රය හැම වෙලාවෙම වක්‍රයේ සිරස් අක්ශයට සමාන්තරයි. ඒ කියන්නේ මිල අක්ශයට සමාන්තරව තමයි යන්නේ. මොකද මිල වැඩි උනාට ඉල්ලුම් ප්‍රමාණයේ වෙනසක් නැති නිසා.
"ම්ම් තේරුනා.. ඊලගට.."
"ඊලගට හලෝ...නම්ය ඉල්ලුම..............................."
කොහොම හරි ඉකෝන් වල ඉල්ලුම කියන පාඩම සම්පූර්ණම මට හරියට ඉවර කරගන්න ඕනේ උනේ හෙට ක්ලාස් එකේදී එකෙම අනික් කොටස උන සැපයුම පටන් ගන්නවා කියපු නිසා. ශෙහාන් අයියා කිව්වා ඉකෝන් වලදි අනිවාර්යයෙන් අලුත් කොටසකට යනකොට පරණ කොටස් වල අවුල්සහගත තැන් තියනවනම් කොහොම හරි විසදගෙනම අලුත් කොටසට යන්න කියලා. දැනුනත් මම මේ කරන්නේ ඒ වගේම දෙයක් තමයි.
ගිය සතියේ ඉස්කෝලේ නිවාඩු හම්බුනා ඒක නිසා අපිට උදේ ඉදන් ක්ලාස් දාලා. ඒකනම් හෙන එපා වෙන වැඩක්. ශෙහාන් අයියා ක්ලාස් යන්න බෑ කිව්වා. ඉතින් අපි එයාට උදව් කරනවා. මොනා උනත් නංගිලා මල්ලිලා එක්ක ක්ලාස් යන්න එයාටත් ලැජ්ජ ඇති. හෙට මටයි චෙනායයි, සදුනිටයි ඉකෝන් ක්ලාස් උදේ නවයේ ඉදන් දවල් දෙක වෙනකන්. හොදම වැඩේ තමයි හෙටම කාවින්දටයි එයාගේ යාලුවා අකේන්ටයි මිනාශ්ටයි මෙහෙම ICT ක්ලාස් උදේ නමයේ ඉදන්ම දෙක වෙනකන්. දැන් අපේ සෙට් එකට අකේන්නුත් ඉන්නවා. එයා නරක කෙනෙක් නෙමෙයි. වෙනස තියෙන්නේ එයා කැමති නෑ එයාගේ පවුල ගැනවත් එයා කාගේ කවුද කියන එකවත් මතක් කරනවට. කොහොමත් 'සල්ලි' සහ 'කාගේ කවුද' කියන දේවල් අපේ යාලුකමවලට අදාල උනේ නෑ. සදුනි ICT ක්ලාස් යන්නේ වෙනමම ක්ලාස් එකකට නිසා එයාට හෙට ඉකෝන් විතරයි. ඉති අද ඔක්කොමලා පාඩම් කරන්න අපේ ගෙදරට ඇවිල්ලා හෙට ක්ලාස් ගිහිල්ලත් ආපහු මෙහෙට එන්නම කතා උනා. මම දන්නවා එගොල්ලෝ එහෙන කරන්නේ මම තනිවෙයි කියලා හිතන නිසා. ශෙහාන් අයියා උනත් නොදැක ඉන්න විදිහක් නෑ කවුරුත් නැති වෙලාවට මේ ගෙදර මම ඉන්න විදිහ. කට්ටියටම ඉන්නවනම් විතරයි මම උනත් මේ විදිහට ඉන්නේ.
YOU ARE READING
Aprakashitha
Romanceප්‍රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30