27❤✨

16 3 0
                                    

.
.
.
.
.
"රශිනියෝ.... ඔයා..කොහෙදෝ..."

"රශිනී....."

"රශි-"

"ඒයි ඕයි.."

"ආහ් කාවින්ද කොයි වෙලේද ආවේ.."

"කොයි වෙලේද ආවේ ?? ආව වෙලාව මම තොට කියන්නේ නෑ. මොන ලෝකෙද හිටියේ.."

"ඇයි ??"

"ඇයි කියලා තමයි මමත් අහන්නේ..මොකෝ කේස් එක ?"

"මුකුත් නෑ.."

"මුකුත් නෑ.. ??"

"ම්ම්.."

"ශුවර්ද ??"

"ම්ම් ඔව්"

"හ්ම් හ්ම් ඔහොම යන්කෝ."

"දැන් කොහොමද කාවින්ද ඉස්කෝලේ වැඩ එහෙම.."

"අවුලක් නෑ බන් කෙරීගෙන යනවා. නැන්දා කෙනෙක් වෙන්න යනවා කියල ආරංචී.."

"ම්ම් ඔව් බන්. මට මාර සතුටුයි බන්. අයියා ගේ මූනම තියෙයි නේ බන්. කොල්ලෙක් උනොත් හොදයි."

"උබ ඔය සිරාවටමද කියන්නේ..?"

"ඇයි  ??"

"නෑ ඉතින් අයියා නිසා උබට මෙහෙ තනියම ඉන්න වෙන නිසා තරහක් ඇති කියලා හිතුවේ."

"පිස්සුද බන්. ඒ මගේ අයිය. යකෝ මේ ලෝකේ මගේ කියලා කියන්න ඉන්න එකමකෙනා ඒ. එයා එක්ක මම කොහොමද බන් තරහා වෙන්නේ. වෙන්න යන්නේ වෙන්න තියන හොදම දේ බන්. ඊට එහා දෙයක් නෑ."

"දුක හිර කරන් ඉන්න එපා බන්."

"මට පුරුදුයි බන්. ඒක නෙමේ උබ මොකෝ මේ.."

"උබේ අයියා කිව්වේ.. උබව පොඩ්ඩක් බලන්න කියලා."

"දැක්කනේ එතනත් එයා මන් ගැන හොයනවා බන්."

"ම්ම්"

"ක්ලාස් නෑ අද ?"

"තිබ්බ බන් උදේ.. උබට මොකෝ ?"

"මට ක්ලාස් නෑ අද ආපහු අනිද්දා තියෙන්නේ.."

"අහ්.. අනිද්දා නේද අංකල්ලා යන්නේ.. ?"

"ඔව් අනිද්දා උදේ 11යි ගානකට ෆ්ලයිට් එක. එහෙම්මම මම හවස ශෙහාන් අයියා එක්ක අපාර්ට්මන්ට් එකට මූව් වෙනවා බන්. මේ ගේ වහලා දාලා යනවා."

"එතකොට උබත් හෙන දුර නේ බන් ඉන්නේ. මට උබව බලන්න එන්න වෙන්නෙත් අඩුවෙන් බන්. අනේ රශි අපේ ගෙදර එනවකෝ. අම්මයි මායි ඇරෙන්න වෙන කවුරුත් නෑනේ.අපේ අම්මත් කතා කරානේ."

AprakashithaWhere stories live. Discover now