"චූටි මේ දොර අරින්න!!"
"ඉන්න එන්නම්...."
"මොකද ලමයො කරන්නේ?..කීයේ ඉදන්ද කතා කරන්නේ.එක සැරයක් කතා කරාම එන්න බැරිද "
"ටිකක් නින්ද ගියා.."
පැය දෙකකට විතර පස්සේ අම්මා කතා කරපු නිසා එලියට අපු මම එහෙම්මම ගියේ බාතෘම් එකට. එකට ගිහින් කන්නාඩියෙන් මූන බැලුවහම දැක්ක හිස් හැගීම වචන වලින් විස්තර කරන්න මට තේරුනේ නෑ. කොච්චර හොද විදිහට හැම දේම උනත් හැමෝම මාව අතහරිනව කියන හැගීම අයින් කරන්න අමාරු උනා.
"එන්න කන්න."
"හ්ම්..."
"ආ..."
"ඇති.."
"පරිප්පු දාන්නද."
"එපා."
"පොල්සම්බෝල ?"
"හ්ම්"
"මොකෝ ලමයෝ ගල් ගිලලා වගේ"
"එක්කෙනෙක්ට අයියගේ වෙඩින් එක ගැන කිව්වහම ඩෝන් ගිහින් නේ"
"අනේ විකාර... බැදගන්න බැරිනම් ඔනේ දෙයක්.. "
"කොහෙද යන්නේ?.."
"මට බඩගිනි නෑ..!!"
එහෙම කියලා කාමරේට ඇවිල්ලා දොර වහගත්ත මම ඇදට වැටුනේ ඇස් අගින් කදුලු බේරිලා කොට්ටේ තෙමෙද්දි.
මට දුක අයියාගෙ වෙඩින් එක නිසා නෙමෙයි ඇයි හැමෝම හේතු ඉදිරිපත් කරලා මාව මග අරින්නේ. එගොල්ලෝන්ට නිකන්වත් කලින් මේ ගැන මට කියන්න හිතුනේ නැද්ද. මීට කලින් මන් විශ්වාස කරපු ආදරය කරපු එකම මනුස්සයත් මගේ විශ්වාස කීතු කීතු වෙන්න ඉරලා දැම්මා. දැන් මගේම ගෙදර අය මට ඉන්න එකම සහෝදරයා ගේ වෙඩින් එක මට කරදරයක් කියලා හිතුවලු.ඇයි අයි හැමෝම මෙහෙම.
හිතේ තියන දුක මගෙන්ම ප්‍රශ්න කරපු මගේ ඔලුව පැලෙන්න තරන් රිදෙද්දි කාමරෙන් එලියට ගිහින් පැනඩෝල් දෙකක් බොන්න හැදුවත් ඒ වෙනකොට අම්මලා නිදි නිසා වෙලාව බලද්දී දැක්කේ මම පැය දෙකකටත් වැඩිය කාමරේට වෙලා කල්පනා කරල කියලා. පැනඩෝල් දෙකක් බීලා එහෙම්මම ඇදට ආවේ පාඩම් කරන්න සිහියක් නොතිබුන නිසා.කීයට නිදා ගත්තද නොදන්නවා උනත් නින්දට වඩා වෙලාවක් කල්පනා කරා කියලනම් විශ්වාසයි.
YOU ARE READING
Aprakashitha
Romanceප්රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30