📞 Manuhas calling............
"හේ..ලෝ..."
"ඒ රශි කොහෙද ඉන්නේ."
"ඇදේ......මොකද.."
"උබ තාම නිදිද බන්. නැගිටපන් දැන් නමයයි වෙලාව."
"අයියෝ...තව ටිකක් නිදාගන්න දෙන්නකෝ උබ එලාම් එකක් වගේ නේ බන් උදේ පාන්දර කෑගහන්නේ...."
"පාන්දර කොහෙද යකෝ නැගිටපන්."
"නමය කියන්නෙත් පාන්දර තමා තව විනාඩි 10කින් නැගිටින්නම්."
"තව දවස් තිස්නමයයි ඕලෙවල් වලට...."
"අහ්..අයියෝ උබ දවසුත් ගැන්නද.....හරි හරි නැගිට්ටා...."
"හරි එහෙනම් මන් තිබ්බා. දහයට එන්නම්.
"හ්ම් හා හා"
"ශික්...මගේ හීනේ අපරාදේ.."
මන් හිටියේ ලස්සන හීනයක් බල බල වෙනකොට උදේ පාන්දර කාවින්ද කෝල් කරේ ඊයේ අයියාගෙ වෙඩින් එක තිබිලා මහන්සි උනත් ඕලෙවල් ලග නිසා අපි දෙන්නා අද පාඩම් කරන්න දාගත්ත නිසා. කාවින්ද ට හොදට ICT පුලුවන් මට එයාගෙන් අහගන්න පාඩම් වගයක් තිබුන නිසා අද ICTයි මට හොදට ඉතිහාසය පුලුවන් නිසා ඉතිහාසයයි පාඩම් කරන්න අපි දෙන්නා ලෑස්ති උනා.
තව විනාඩි 10ක් නිදාගන්න හිතුවත් ඔලෙවල් වලට තව දවස් 39යි කියපු නිසා මාව ගැස්සිලා නැගිට්ටෙවුනා.
අයියාගේ වෙඩින් එකෙන් පස්සේ ඉදන් ඒගොල්ලො වෙනම ගෙදරක නිසා මට අයියාගේ කාමරේ හම්බුනා වෙනද මායි අම්මයි තාත්තායි එකම කාමරේ හිටියට අයියාගෙ වෙඩින් එකේ පලවෙනි දවසින් පස්සේ මට තනි කාමරයක් අයිති උනා.
මගේ කාමරේ මහලොකුවට දේවල් නෑ දුබුරු පාටට කැමති නිසා කාමරේට ලා දුබුරු පාටක් ගෑවා. ලා දුබුරු පාට බෙඩ්ශීට් එකක් ඇදටත් දාලා තිබ්බා. අල්මාරියයි කන්නාඩිමේසෙයි, පොත් මේසෙයි, පුටුවයි, ඇද ගාව පොඩි බෙඩ්සයිඩ් කබඩ් එකයි විතරයි මුලු කාමරේටම. මගේ ෆොටෝ ටිකක් බිත්තියේ එල්ලුවා. එච්චරයි කාමරේටම.
දහයට ලන්වෙද්දී ටක්ගාලා ලෑස්ති උනේ අර යකා ඇවිල්ලා කියවන එක අහන් ඉන්න බැරි නිසා
YOU ARE READING
Aprakashitha
Любовные романыප්රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30