හුස්මේ...සැමදා...රැදුනා....
සදනාරී..උපමා..මැවුනා......
වැස්සේ..සිතුසේ..තෙමුනා...
කිදුරාවී..මනසේ..ඇදුනා...නෙතුයාවී..බැදීලා..සදා.......
හීනගානේ..රැයේහී පවා...
සදසේයා..වතේහී මවා......
පිනිසීතේ..දැනේවී කතා....සුපෙම් අංශුපාසා...
සුපෙම්වන්ත ආශා...
රෑක මදනල ගවසා...
හැගුම් රංචුවී--"අහ්....අම්මේ කොහෙ යන්නද මේ..?"
"අද තාත්තගේ අලුත් කම්පැනී එකේ බිස්නස් පාටි එකනේ..ඔයා යන්න බෑ කිව්වේ...."
"ආ...හ් එකද... අපෝ මට ඕවා හරියන්නේ නෑ අනේ..එතකොට හෙට ගමන..?"
"අද වැඩිය රෑවෙන්නේ නෑ දුව ඉක්මනට එනවා..ඔයා මොකද කරන්නේ අද යනවද නැත්තම් හෙට ටැක්සි එකක් දාගෙනම යනවද..?"
"ඔගොල්ලෝ දැන් යන්නේ ඒ පැත්තේන්ද..?"
"ඔව් එහෙන් තමා.."
"අහ් එහෙනම් මාත් මේ ගමන්ම යන්නම්. මම බඩු ලෑස්ති කරා. තව ටිකයි. ඔගොල්ලන්ගේ කීයටද යන්නේ..?"
"තව පැයකින් විතර යන්.."
"හා මම ලෑස්ති වෙන්නම්.ආයේ සතියකටත් පස්සේ නේ දකින්නේ..කෝල් කරන්න හොදේ.."
"හරි හරි ඔයාට පරිස්සමෙන් ඉන්න පුලුවන් නේ...කාවවත් ගෙන්න ගන්න එපා හොදේ.."
"හා හා අම්මා ඔය දෙන්නා පරිස්සමෙන් ගිහින් එන්නකෝ..."
කාලෙකට පස්සේ අම්මටයි තාත්තාටයි පාටි එකක්. ඕකට මමත් ගිහාම ඒ දෙන්නාට විනෝද වෙන්න තියන වෙලාවනේ නැති වෙන්නේ...අනික ඕවා වලට එන මිනිස්සු එච්චර සෙට් නෑ. පුලුවන් නම් බිස්නස් ඩීල් කියලා කසාදෙත් තීන්දුකරලම එයි. එහෙමට මිනිස්සු.
හෙට අම්මයි තාත්තායි ඩුබායි යනවා දවස් දහයකට. බිස්නස් ට්‍රිප් එකක්. අම්මත් යනවා. තනියම මෙහෙ ඉන්න බැරි නිසා මගේ බලු කෙල්ලෝ දෙන්නා අරගෙන මම අපාර්ට්මන්ට් එකට යන්න හිතුවා. ක්ලාස් යන්නත් ඒකේ ඉදන් ලගයි නේ. අම්මලා යනකොටම ඒගොල්ලො එක්ක මම අපාර්ට්මන්ට් එකට ආවා. සති දෙකකට පස්සේ..............
"ආහ්..සැනසීමක් දැනෙනවා.."
"Ruby, lexi මෙහෙ බඩු නම් හපලා අහුවෙන්න එපා හොදේ..."
YOU ARE READING
Aprakashitha
Romanceප්‍රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30