36❤✨

10 3 0
                                    

.
.

දවසක්ම ගෙවිලා ගියත් මිහින් අයියා නැගිටින පාටක් තිබ්බේ නෑ. මමත් සංදීප අයියත් මාරුවෙන් මාරුවට මිහින් අයියට සිහිය එනකන් බලන් හිටියා.මිහින් අයියාගේ අම්මාට හදිසියේ ආපු හාට් ඇටෑක් එකක් නිසා ඒ ඔප්‍රේශන් එක කරන්න පිටරට යන්න වෙනවා කියලා හොස්පිටල් එකෙන් කියපු නිසා ඊයේ රෑම අන්කල් ඇන්ටිව අරගෙන මිහින් අයියව මටයි සංදීප අයියටයි බාරදීලා රටින් පිට වුනා. මෙතනදි මිහින් අයියා ඉන්න තත්වෙට වඩා එයාගෙ අම්මගේ තත්වේ ගොඩක් බරපතලයි.

"මම දැන් ඉන්නම් අයියේ..ඔයා රෙස්ට් එකක් ගන්න."

"ගෙදර යන්න ගොඩක් වෙලා යනවා නංගි. එහෙම ගිහාම පාරටම වෙලාව ඉවරයි."

"මගේ අපාර්ට්මන්ට් එකෙන් වොශ් එකක් දාලා ටිකක් නිදාගෙන ඉදලා එන්න. ඒක මේ ලගනේ තියෙන්නේ.."

"එහෙම හරි නෑ නේද.."

"ඉන්නකෝ.."

මම එහෙම්ම කාවින්දට කෝල එකක් ගත්තා.

"හලෝ කාවින්ද..."

"ඕ රශිනි..කියන්න.."

"ඔයා වැඩක්ද.."

"නෑ බන් ෆිල්ම එකක් බලනවා..මොකෝ කේස් එක."

"මෙ පොඩි උදව්වක් ඕනේ.."

"කියන්න."

"කැබ් එකක් දාලා දෙන්නම් ##### හොස්පිටල් එකට එන්නකෝ..."

"ඇයි මිහින් අයියාට සිහිය ආවද..."

"නෑ නෑ.. එයාගේ යාලුවාට වොශ් එකක් දාගන්න මගේ අපාර්ට්මන්ට් එකට එක්කන් යන්නකෝ..මගේ කාර් එක මෙහෙ තියනවා."

"අහ් හා මම එන්නම්.."

"මම කැබ් එකක් දැන් දාන්නද.."

"හා හා.."

කාවින්ද එන්නම් කියලා විනාඩි පහලවකින් විතර කාවින්ද හොස්පිටල් එකට ආවා.

"කාවින්ද මේ කී එකෙන් දොර ඇරලා ඔයා මුලින්ම ඇතුලට ගිහින් රූබිවයි ලෙක්සීවයි මගේ රූම් එකට දාලා කෑම බෝල් දෙකයි වතුර බෝල් දෙකත් ඇතුලෙන් දාලා කෑම ටිකකුත් දාලා කාමරේ දොර වහන්න. දොරේ පාස්වර්ඩ් එක ඔයා දන්නවනේ...ඊටපස්සේ ශෙහාන් අයියගේ කාමරේ නැතුව වෙන කාමරයක් සංදීප අයියට ලෑස්ති කරලා දෙනවද."

AprakashithaWhere stories live. Discover now