අපි හිටියේ මහ මුහුදේ පොඩි නැවක. ත්‍රිකුණාමලය මුහුදේ මැද හරියට වෙන්න මේ දවස් වල ෆොල්ෆින්ලා සංචාරය කරනවා කියන නිසා දේශීය වගේම විදේශීය සංචාරකයන් ගොඩක් එනවා ඒ සිද්දී බලාගන්න. අපි සත්තුවත්තක මින්මැදුරක දකිනවා වගේ නෙමෙයිනේ මහ මුහුදේ ඩොල්ෆින්ලා රංචු පිටින් දකිද්දී..
අපි උදේ නමයට විතර උදේ කෑම අරගෙනම හොටෙල් එකෙන් පිටත් උනේ මේ සවාරිය යන්නම තමයි. දහයට විතර නැගලා පිටත් වෙච්චි මේ නැව පැයක් විතර එන්න වෙලාව අරගෙන සාමාන්‍යයෙන් ඩොල්ෆින්ලා එනවා කියන තැන නවත්තලා දැන් පැයක විතර තිස්සේ ඉදන් බලන් ඉන්නවා. ඒත් එක ඩොල්ෆින් කෙනෙක්වත් නෑ..
"මෙ බන් මුන් එන්නේ නැද්ද...."
"දන්නෑ බන් මට ඩොල්ෆින් යාලුවෙක් නෑ.."
"මේ රශි මේ විහිලු කරන වෙලාවක් නෙමෙයි බන්. බලහන් අපි අව්වේ කරවෙනවා මෙතන."
ඒක ඇත්ත. දැන් වෙලාව දවල් දොලහයි ගානක්. ගිනි අව්වේ මහ මුහුදක් මැද හරියට හෙවනක් නැති නැවකට වෙලා මුහුදෙන් එන මාලුවෙක් මතු වෙනකන් බලන්න ඉන්න එක හිතපු තරම් ලේසි නෑ.. ඇත්තටම කිව්වොත් අපිව කරකුට්ටන් වෙලා ගිහින් වගේ හැගීමක් දැනෙනවා.....
YOU ARE READING
Aprakashitha
Romanceප්රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30