"තැන්ක්යූ මාමේ....."
"අනේ මගේ කෙල්ලයි කොල්ලයි ලොකු වෙලා තියන තරම මම කලින් එද්දී මේ දෙන්න කොච්චර පොඩිද..."
"එහෙම තමා තාත්තේ අපි හැමදාම එකම විදිහට ඉන්නේ නෑනේ....."
අද කාවින්දගේ තාත්තා ආවා...අද කිව්වට ඊයේ රෑ තමයි ඒ අංකල් අවේ. අංකල් එද්දී මට හොදට නින්ද ගිහින් ඉතින් උදේ තමා හම්බුනේ....කාවින්දගේ තාත්තා උදේම අපේ ගෙදරට ආවේ මට ලොකු බෑග් එකක්ම අතට දෙන ගමන්. අංකල් එද්දී මම පාඩම් වගයක් කරන ගමන් හිටියේ තව ඕලෙවල් වලට සති දෙකක්වත් නෑ නේ.....
"මේ ඔක්කොම මටද මාමේ...."
"ඔව් ඔව් බලන්නකෝ ඔයා ආසයි කියලා හිතෙන දේවල් ගොඩක් ගෙනාවා...ලමයි දෙන්නට වෙනම බෑග් දෙකක් ගෙනාවා..."
අංකල් ගෙනල්ලා තිබ්බ බෑග් එක මම එහෙම්මම කාමරෙන් තිබ්බේ එයා ඉද්දී එක බලන එක හරි නෑ කියලා හිතුන නිසා..කාවින්ද අපේ අම්මා එක්ක කුස්සියට ගියා....මම ඉතින් අංකල් එක්ක කොරියාවේ විස්තර කතා කරා....
මම දන්න කාලේ ඉදන් කාවින්දගේ තාත්තා ඉන්නේ කොරියාවේ.අන්තිම පාරට අංකල් ලංකාවට අවේ අපි තුන වසරෙදී..මේ පාර ඇවිල්ලා ගිහාම ආයේ කවදා එයිද දන්නේ නෑ... මම ගොඩක් වෙලාවට කාවින්ද එක්ක අංකල් කතා කරන වෙලාවට කතා කරලා තියනවා. එයාගේ තාත්තා ගොඩක් හොදයි..මට කොහොමත් කොරියන් පිස්සුව තියනවා නේ ඉතින් ඒ දවස් වල ඉදන් මම අංකල්ගෙන් කොරියාවේ විස්තර අහලා දැන ගන්නවා.....
පැයක් විතර අංකලුයි කාවින්දයි ඉදලා ගියාට පස්සේ මම ශේප් එකේ කාමරේට රිංගුවේ ගෙනල්ලා තියෙන්නේ මොනාද බලන්න....
හී හී.......
"වොහ්...මේ ඔක්කොම මටද....මාමා කොරියාවම ගෙනල්ලා ද කොහෙද.."
YOU ARE READING
Aprakashitha
Romanceප්රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30