37❤✨

30 4 0
                                    

වෙලාව හවස හයට විතර ඇති. මම හිටියේ පාඩම් කරන මෙසේ ඉදගෙන ඔන්ලයින් ක්ලාස් එකක් බලන ගමන්. සුප් එකක් හදාගෙන ගියාට වැඩක් උනේ නෑ. මිහින් අයියට සිහිය ආවේ නෑ. සංදීප අයියා හවස ආපු නිසා මම ගෙදර ආවා. මිහින් අයියගේ අම්මගේ තත්වෙත් සාමාන්‍යයි කියලා කිව්වා. අංකල්ට නිකන් පිස්සු වගේ එහෙන් තමන්ගේ බිරිද ලෙඩ ඇදේ ඉන්නකොට අනිත් පැත්තෙන් දවස් ගානක් තිස්සේ තමන්ගෙ එකම ලමයත් සිහිය නැතුව ඉන්නවා. ඒ අංකල් ඔය තරම් හරි ශක්තිමත්ව ඉන්න එක හරි සතුටක්. ඇත්තටම මිහින් අයියට යාලුවෙක්ට කියලා හරි ඉන්නේ සංදීප අයියා විතරයි. කවුරුත් එයාව බලන්නවත් ආවේ නෑ. එක අතකට මිහින් අයියත් මාර මනුස්සයෙක්.

පැය හතරක් විතර පාඩම් කරලා රෑට කන්න දෙයක් හදාගෙන කාලා රූබිටයි ලෙක්සීටයි කන්න දීලා මම නිදාගන්න ආවා. හෙට උදේම යන්න වෙනවා.

උදෙන්ම ලෑස්ති වෙලා පුරුදු විදිහටම කෑමත් හදාගෙන මම හොස්පිටල් එකට ආවා.

"අයියා දැන්ම යනවද..."

"ඔව් නංගි... මන් යන්නම් හොදේ.."

"කොහොමද මිහින් අයියට.."

"ඔයාම බලගන්නකෝ ගිහින්.."

"සිහිය ආවද ??"

"නෑ තාම මම යනවා කෙල්ලේ මට පරක්කුයි."

"ම්ම්..පරිස්සමෙන්."

දැනටමත් පරක්කුවෙලා නිසා සංදීප අයියා දුවගෙන ගියා. මම ඉතින් පුරුදු විදිහට කාමරේ ඇතුලට ඇවිල්ලා ගෙනාපු බඩු ටික පිලිවෙලකට තියලා මිහින් අයියගේ ඔලුවේ තියලා තියන රෙදි කෑල්ල මාරු කරා. ඒකේ ඕඩිකොලෝන් සුවදකුත් ආවා. සංදීප අයියා ඕඩිකොලෝන් දාන්න ඇති. ඒ නිසාම මාත් එහෙම්මම ඒක ඕඩිකොලෝන් වලින් පොගවලා අරගෙන මිහින් අයියා ගාවින් වාඩිවෙලා එයාගෙ නලලට අත තියලා කොන්ඩේ උඩට කරලා රෙදි කෑල්ල තිබ්බා.

මිහින් අයියා ගොඩක් කෙට්ටුවෙලා ගිහිල්ලා. දවස් ගානක ඉදන් සේලයින් විතරයි. මෙහෙම ඉන්නකොටම මතක් වෙන්නේ හිනාවෙලා ඉන්න මිහින් අයියව. හිනාවෙලා ඉන්න හැමෝම සතුටින් කියන්න බෑ කියන්නේ මේක තමයි. පිටතින් ලෝකෙටම පේන්න හිනාවෙලා හිටියට ඇතුලතින් මුලු ලෝකයක් තරම් විදවන කෙනෙක් වෙන්න පුලුවන්. මට තාම බැරි උනා සංදීප අයියගෙන් මිහින් අයියාගැන අහගන්න.මම ඉතින් ඇදගාවම පුටුවට වෙලා මිහින් අයියා ඉන්න ඇදට එහා පැත්තෙන් තියන විදුරු ජනෙලේන් පේන අහස දිහාබලාගෙන සිංදුවක් මුමුනන්න ගත්තා. හිතින් උනත් තමන් ආදරය කරන කෙනා මෙහෙම කිසිම කතාවක් නැතුවඉන්න එක. , ඒ හිනාව නැතුව ඉන්න එක හිතට අමුතු බර හැගීමක් ගේනවා.මාත්‍රාව වැඩි වූ විටදී ප්‍රේමයද විසක් කියනවනේ. මම ආදරය කරාට එයා මට සලකන්නේ එයාගෙම නංගි විදිහට විතරයි.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 24 ⏰

Add this story to your Library to get notified about new parts!

AprakashithaWhere stories live. Discover now