ඉස්කෝලේ පටන් අරන් අද දවස උදේ ඉදන් සාමාන්‍ය විදිහට ගෙවුනට හවස් වරුව එච්චර හොදින් කියන්න පුලුවන් මට්ටමක මම හිටියෙ නෑ. මොකද තවමත් මමත් අයානුත් වෙන්වුන අය කියන්න මට පිලිගන්න අමාරු උනා. අයාන් කියන්නේ මගේ පලවෙනිම ආදරය ආතල් එකකට ගත්ත එක්කෙනෙක් කියලා මටම හිතාගන්න බැරි උනා.පහුගිය මාසේ ඇතුලත වෙච්චි දේවල් සරලයි කියලා පැත්තකට කරන්න පුලුවන් දේවල් නෙමෙයි. මම තාත්තාට පස්සේ විශ්වාස කරපු පිරිමි දෙන්නෙක්ම ආපහු මට අයිති නෑ කියලා පිලිගන්න මම කැමති උනත් මගේ හිත කැමති උනේ නෑ. අයාන් කියන්නෙ අවුරුද්දක් වගේ කාලයක් ඇතුලත මට සිහින ලෝකයක් මවලා රග පෑමකින් මාව රවට්ටපු චරිතයක් වෙද්දී. මට අයියා කියලා හිටපු එකම කෙනත් විවාහ වෙලා අපේ ගෙදරින් වෙනම ගේකට ගිහින් මට කතාවත් නොකර ගෙවුන පලවෙනි සතිය ඉවර කරලා සාර්ථක දෙවනි සතියට අද පටන් ගත්තා.
මම කියන්නේ නෑ අයියා විදිහට මාත් එක්කම ඉන්න ඔනේ කියලා.ඒ උනාට එයාට මට කෝල් එකක් හරි දෙන්න පුලුවන් නේ කියන කාරනාව මගේ හිතට හැම තිස්සෙම වද දෙනවා. හැමෝම කියන්නේ අයියා බැන්දහම අපේ ගෙදරටම එනවනේ ඉතින් මොන දුකක්ද කියලා. ඒ උනාට අයියෙක් ඉන්න නංගි කෙනෙක්ම තමයි දන්නේ අයියා නැති උනාම දැනෙන අත්තටු කැඩුනා වගේ හැගීම. ඒක හැම සහෝදර සහෝදරියෝ ඉන්න ගේකම පොදු දෙයක්. සමහර විට පවුල කියන්නෙම හැගීම් ගොඩක් වෙන්නේ හැමෝම එකට ඉන්න නිසා වෙන්න ඇති.
හැමෝම එකට වාඩිවෙලා කෑම මේසේ කියව කියව කෑම කනකොට, පවුලේ අය විතරක් තනියෙන් යන ට්‍රිප්, ගමේ අයව බලන්න යන ගමන්, කට්ටියම කම්මැලි සතියේ දවස් වල ඇවිදින්න යන අත්දැකීම්, කට්ටියම එකතුවෙල නමක් නොදන්න රස අලුත් කෑම හදාගෙන කාපුවා, කරන්ට් ගිය වෙලාවට කට්ටියම සාලේ ඉටිපන්දමක් පත්තුකරන් අම්මගෙයි තාත්තගෙයි අතීතකතා අහන වෙලාවල් කියන්නෙම පවුලක් ඇතුලේ ආදර දෝරේ ගලන අවස්තා නෙමෙයිද. පවුලක් සම්පූර්ණ වෙන්න හැමෝම ඉන්න ඔනේ එකෙන් එක්කෙනෙක් හරි නැතිවුනහම දැනෙන හැගීම්වලට හුරුවෙන්න ටික කාලයක් ඉවසන්නම වෙනවා..
ඉස්කෝලේ ඇරිලා කාවින්ද එක්ක එනකොට අයාන් දුන්නා කියලා කාවින්ද මට දීපු පොඩි පෙට්ටිය කාමරේ මේසේ උඩ තියලා මම නාගන්න ගියේ අද ගෙදර මම ඇරෙන්න හවස් වෙනකන්ම කවුරුත් නැති නිසා.අම්මගේ අක්කට සනීප නෑ කියලා අම්ම ලොකු අම්මලගෙ ගෙදර ගියා හවස් වෙනකොට එයි.තාත්තා වැඩ නිසා ඕෆ් වෙන්නේ පහහමාරට.
YOU ARE READING
Aprakashitha
Romanceප්‍රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30