දැන් වෙලාව පාන්දර පහයි කාලයි. මම නැගිටලා කුස්සියට ඇවිල්ලා රයිස් කුකර් එකට හාල් ටික තියලා උයන්න ලෑස්ති උනා. සුදුලූණු සුද්දකරන එක අමාරුම වැඩේ නිසා මම ඊයේ රෑ ටිකක් සුද්දකරලා ෆ්‍රිජ් එකේ දැම්මා. මම උයනකොට අයියද කොහෙද මේ පැත්තට එනවා ඇහුනා. නිදිමතේම මේ පැත්තට ආපු අයියා බයවෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා.
"ගුඩ්මෝනින් නංගි."
"ගුඩ්මෝනින් අයියේ.."
"උයනවද.."
"ම්ම්.. අදත් කඩෙන් කන්න බෑනේ."
"උදව්වක් දෙන්නද.. ?"
"ම්ම් මොනාද කරන්න පුලුවන් ?"
"කරන්න ඔනේ දේ කියන්න කරලා දෙන්නම්."
"ඉන්නකෝ ඔතන වාඩි වෙලා ටිකක් මම මේ හොදි දෙක ලිපේ තියලා ඔයාට බාරදීලා ගිහින් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා එන්නම්."
"හ්ම්.."
"මේ එක නෙමෙයි අයියේ.. එලෙවල් රිසාල්ට් මොනාද.."
මට මෙයාගැන කිව්වේ මගේ අයියා මිසක් මෙයා නෙමේනේ.
"සී දෙකයි."
"මොනාවලින්ද ? මොනාටද.. ?"
"කොමස් වලින් ICT වලටයි ඉකෝන් වලටයි."
"අහ් අකවුන්ට්ස් ද ෆේල්. කොමස් කරන හැමෝටම ඒක ගොඩ නේ."
"ම්ම්."
මට ඊයේ රෑ මහ කුරිරු අදහසක් ආවා....හී හී..
"මේ ඒක නෙමෙයි ඔයත් මාත් එක්කම එලෙවල් කරමුකො.."
"මො..කැහ් කැහ් කැහ්.. මෝ..කක්..ද.?"
එලෙවල් කිව්වා විතරයි බිබී ඉදපු වතුර එකත් මේ මනුස්සයාට හිර උනනේ. මම එච්චර කලබල වෙන්න දෙයක් කිව්වද..
"කොමස් වලින්ම මාත් එක්ක එලෙවල් කරමුකෝ.."
"අනේ නංගි දැන් ගොඩක් කල් නේ මම ඒලෙවල් කරලා."
"කමක් නෑ. මේ අහන්නකෝ තාත්තා කියන විදිහට තාත්තාට කම්පැනි ඇතුලේ විශ්වාසවන්ත අය අඩුයි. මට ගියා කියලවත් විශ්වාස කරන්න බෑනේ ඉන්න අයව. අයියා කොහොම හරි කොමස් පැත්තෙන් ඒලෙවල් ගොඩ දාගන්න. මම මගේ පැත්තේන් ඒලෙවල් ගොඩ දාගන්නම්. ඊලගට දෙන්නම මාස හයක් විතර අරන් බිස්නස් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එකක් කරලම ඔෆිස් එකේ දේවල් වලට ඉන්වෝල්ව් වෙමු. එතකොට කාගෙන්වත් අපිට උදව් ඔන්නේ නෑනේ අපිම ඒ දේවල් දන්නවනේ. දැනුමක් ඕනේ නේ අයියේ අපි මේවට අත දාන්නත්."
YOU ARE READING
Aprakashitha
Romanceප්රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30