📞"කාවින්ද ඔයා කොහෙද ඉන්නේ.."
"ඔයා ඉන්න තැන ඉදන් දකුණු පැත්ත බලන්න."
"අහ් දැක්කා. ඉන්න එන්නම්."
මම හිටියේ කඩුවෙල ලස්සන හොටෙල් එකක.අපේ ඕලෙවල් ලාස් එකෙන් 2020 OL batch එකේ ලමයින්ට පාටි එකක් ලැස්ති කරලා තිබ්බා. දන්න අය අතරින් වැඩිපුරම ඉන්නේ කාවින්ද එක්ක නිසා මම එයාව හොයනගමන් ඒ ටේබල් එක පැත්තට ඇවිදගෙන ගියා.
"අම්මටසිරි රශිනි. ලස්සන බලපන්කෝ.."
"විහිලු කරන්න එපා බන්."
"එහ් කාවින්දවම හොයන් එනවා නේ."
"ඔව් ඒ ඉතින් මගේ හොදම යාලුවානේ."
"අපිටනම් හිටියේ නෑ එහෙම යාලුවෝ."
"ඒකනේ ඔගොල්ලොන්ට පින නෑ ඒකයි."
"හාකෝ හාකෝ.."
එතන හිටපු අදුරන කෙනෙක් එක්ක කතාකරලා මමත් කාවින්දට එහා පැත්තෙන් වාඩි උනා.මේ හොටෙල් එක තරමක් ලොකුයි. ඩ්‍රින්ක්ස් ජාති එක්ක බයිට් ජාති ටේබල් එකට සර්ව් කරනවා.
"මෙහ් රශී."
"ම්ම් ??"
"ශෙහාන් අයියා එනවද එක්කන් යන්න.. ??"
"ම්ම්.."
"මට ලිෆ්ට් එකක් දෙනවද.."
"හ්ම් හැබැයි ලිමිට් තියාගෙන බීපන්. ආවේ කකුල් දෙකෙන් උනාට හතරෙන් යන්න බෑ."
"තෑන්ක්ස්.."
"ම්ම් අනිටයිම්."
සොෆ්ට් ඩ්‍රින්ක්ස් එක්ක ලිකර්ස් ජාතිත් ලමයින්ට දුන්නා. කොහොමත් මෙහෙ ඔවා සාමාන්‍යයි.
"Excuse me miss"
"Yes"
"Champagne, wine or soft drinks ?"
"Mm... Do you have sprite"
"Yes i do miss.."
"Soo... one glass of sprite with three ice cubes please."
"Okey.."
"Thank you"
"Anything else miss ?"
"No thanks.."
මම සොෆ්ට් ඩ්‍රින්ක්ස් වලින් බොන්නේ ස්ප්‍රයිට් විතරයි.ඒකට ඒ පිරිමි ලමයා ලෙමන් පෙත්තකුත් දාලා දුන්නා.
YOU ARE READING
Aprakashitha
Romanceප්‍රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30