"මුලින්ම යන්නේ පන්සලකට ද අම්මේ...."
"ඔව් මුලින්ම යන්නේ පන්සලකට. සේරුවාවිල පන්සලට ඊටපස්සේ කෝවිලට ගිහින් පොඩි පොඩි තැන් ටිකක් බලලා ඉන්න තැනට යන්. හෙට තව තැන් වලට යන්න පුලුවන් නේ....."
"හා අම්මේ...."
"තව දුරද තාත්තා......."
" අපෝ ඔව් තව පැය දෙකක් වත් යයි...."
අපි ත්‍රිකුණාමලයට ට්‍රිප් එක යනගමනුයි හිටියේ... ඉන්නේ කොහෙද කියලා තැන ගැන කියන්න මම දන්නේ නෑ හැබැයි තව පැය ගානක් තියනවාලූ.මම හිටියේ වෑන් එකේ පිටිපස්සේම ශීට් එකේ ශටර් එකට ඔලුව තියාගෙන සසර කල කිරුනු මූඩ් එකක..දැන් පැය ගානක් තිස්සේ අපි එනවා..තව පැය ගානක් යන්නත් තියනවාලූ.ගමන් යන්න ආසයි ඒ උනාට එක දිගට වාහන වල යන්න ගිහාම තමා එපා වෙන්නේ. පාරට පැය ගානක් රස්තියාදු වෙන්නේ නැතුව යන්න තිබ්බනම් හොදයි ඉතින්. දැන් වෙලාව පාන්දර හයයි. අපි ගෙදරින් ආවේ පාන්දර තුනට විතර. අපේ තාත්තායි කාවින්දගේ තාත්තායි මාරුවෙන් මාරුවට වෑන් එක ගෙනිච්චා...
අපි හයදෙනාටම යන්න පුලුවන් පොඩි වෑන් එක රෙන්ට් එකට අරගෙන තමයි අපි ආවේ.. තාත්තාලා දෙන්නා ඉස්සරහම ඊටපස්සේ අම්මලා දෙන්නා.. අන්තිම ශීට් එකේ මායි කාවින්දයි හිටියා...හොද නින්දක් දාලා මම ඇහැරෙනකොට අම්මලා දෙන්නත් ලොකු කතාවක් දාගෙන හිටියේ. කාවින්දනම් හොදට නිදි. තව පැය ගානක් යන්න තියනවා කියපු නිසා මමත් ආපහු නිදා ගත්තා...
"ශී................."
"රශී......."
"නැගිටින්න අපි ඇවිල්ලාලූ...."
"අහ් ඇවිල්ලාද...අම්බෝ කොන්ද..."
කාවින්ද මට කතා කරේ මම හොද නින්දක ඉද්දී...ඒ වෙනකොට අපි හිටියේ වාහන නවත්තලා තියනවා කියලා කියන්න පුලුවන් තැනක. ඈතින් මල් විකුනන කඩ වගේ ඒවත් තිබ්බා. වෙලාව අටයි.
"කොහෙද මේ..."
"සේරුවාවිල.."
"හ්ම්.."
සේරුවාවිල එහෙමත් නැත්තම් සේරුවාවිල මංගල රජ මහා විහාරය කියන්නේ ලංකාවේ අතීතයේ ඉදන් ඉහල වටිනාකමක් වගේම පෞරාණිකත්වයක් තියන විහාරයක්. මෙ විහාරය කාවන්තිස්ස රජතුමාගේ කාලේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කරලා ඉදිකරලා තියනවා කියලා සදහන් වෙනවා. සාමාන්‍ය ප්‍රමානයක වෙහෙරකින් වගේම රන්වන් පැහැ බුදුපිළිම වහන්සේ නමක්ද මේ රජමහා විහාරයතුලදී ඕනේම කෙනෙක්ට දැක ගන්න පුලුවන්
YOU ARE READING
Aprakashitha
Romanceප්‍රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30