මේ ගෙවෙන අපේ ජීවිතේ ඇතුලේ අපිට දහස් ගනන් මිනිස්සු හම්බෙනවා. ඒවගේ දහස් ගනන් මිනිස්සු වෙන් වෙනවා. අලුතින් හම්බෙන හෝ දැනටමත් අදුරන මිනිස්සු වටා අපි අපේ ජිවිත ඇතුලේ බලාපොරොත්තු ගොන්නක් තුරුළු කරගෙන අනාගතය හොද විදිහකට විසදේවි කියලා බලාගෙන ඉන්නවා. ඒ දවස කවදා කොහොම කොයි විදිහට ආවත් අපි ඒක දරාගන්න ඔනේමයි. අපේ ජීවිත කතාවට එන නානප්‍රකාර මිනිස්සු එගොල්ලෝන්ට අපේ කතාව ඇතුලේ අයිති කොටස රගපාලා ඉවර උනාම හොදින් හරි නරකින් හරි අපිව අත ඇරලා යනවා. ඒ යනකොට අපි ඉන්නේ හොදින්ද නරකින්ද කියන එක ඒ අයට අදාල නෑ. මිනිස්සු වෙන් උනාට මතක වෙන් වෙන්නේ නෑනේ ඒ වගේ එක්කෙනෙක් හෝ දෙන්නම අසරණයි වෙන අවස්ථාවන් මේ ජීවිතේ නැතුවම නෙමෙයි. ඇත්තටම කෙටි කාලීන මතකය අමතක කරන්න පුලුවන් බෙහෙතක් තියනවනම් මම හිතනවා මේ ලෝකේ වැඩියෙන්ම අලෙවි වෙන බෙහෙත ඒක කියන එක. හැගීම් වලින් මිනිස්සු හෙම්බත් උනාම සැනසීම හොයන්න මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙනවා කියන්නේ නිකන් වෙන්නත් බෑනේ......
ජීවිතේ ඇබ්බැහිවීමක් නවත්තන්න පුලුවන් තවත් ඇබ්බැහි වීමකටම විතරයි. කෑමකට බීමකට හෝ පන තියන කෙනෙක්ට හරි ඇබ්බැහි උනොත් අපිට වෙන සරණක් පතන්නම වෙනවා නැවත යතාතත්වයට පත්වෙන්න.
මිනිස්සු විශ්වාස කරන්න ඉකමන් වෙන අපිම තමයි ජීවිතේ වැරදී තීරණ වලට පෙලබෙන්නේ. කවුරු හරි හොදින් කතාකරලා සැලකුවහම අපි හිතන්නේ ඒ කෙනා අපිට අවංක අපේ කෙනෙක් කියලා. අන්තිමට ලග ඉදන් අපිටම වලකපලා යනකන් නොදැන ඉන්න තරම් අපි මෝඩ වෙනවා. මොනවට බැදුනත් මනුස්සයෙක්ට බැදෙන්න නරකයිලූ ඒකෙන් කෙනෙක්ව ඇතුලාන්තයෙන් මරලා දාලා පිටින් ජීවත් කරවන්න පුලුවන් ලූ. මනුස්සයෙක් මැරෙනවට වඩා ජීවත් වෙලා ඉන්නකොටම හදවත මැරිලා යන එක බයානකයි. මොකද එතකොට ඒ මනුස්සයටත් අමතක වෙන්න පුලුවන් එයා ජීවත් වෙනවා කියලා මොන දේ උනත් අන්තිමට හැමෝම කියන්නේ මොකක්ද...'සමාවෙන්න' කියලා..
ඇත්තටම හැමදේටම සමාව දෙන්න පුලුවන් ද?...............
මොහොතකට මම ඉන්නේ මේ කියවන පොත ඇතුලේ ද..? එහෙමත් නැත්තම් මගේම ඇත්ත ජීවිතේ ද...? කියලා හිතාගන්න බැරි විදිහට මගේ කතාවයි පොතේ කතාවයි සමාන උනා....මට අනුව මොන වැරැද්දක් උනත් ආදරය නාමෙන් කරන රැවටීම් සහ හිත් රිදීම් වලට මේ ලොකෙන් සමාව හම්බෙන්න නරකයි.කෙනෙක් තව කෙනෙක්ව රවටලා මේ මහපොළවට එකතු වෙන නිරදෝශි කදුලු බිංදුවක් ගානම වගකිවයුත්තන්ට ස්භාවධර්මයෙනම දඩුවන් ලැබෙන්න ඔනේ..මොකක්ද හැම දේකටම වඩා නිර්දෝශි කදුලු බලවත්
YOU ARE READING
Aprakashitha
Romansaප්‍රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30