"අනේ මගේ සෝස මල් දෙක...අක්කා නැතුව පාලුවෙන්ද හිටියේ මගේ බෝල ගෙඩි දෙක...බලන්නකෝ කවුලුත් නෑනේ මේ ගෙදර මේ බෝල ගෙඩි දෙක බලාගන්න...කෝ එන්න අනේ................"
මම ජපන් ක්ලාස් ගිහින් ගෙදර දොර අරිද්දිම මගේ බෝල ගෙඩි දෙක වැටි වැටී දුවගෙන ආවා.. මේ දෙන්නව දැන් මට හම්බෙලත් මාසයක් වෙනවා. ඉස්සරට වඩානම් දැන් පොඩ්ඩක් ලොකුයි. හැබැයි මේ දෙන්නවම බලාගන්න එක පුදුම අමාරු වැඩක්. මේ මාසෙට මගේ චාජර් වයර් දෙකක් ඉවරයි මේ යක්ශ පැටව් දෙන්නා නිසා.
ගිය සතියේ අපි කතරගම ගියා. කතරගම ගිහින් ඔක්කොම වදින පුදන වැඩ දවස් දෙකකින් ඉවර නිසා ඉතුරු දවසේ කට්ටියම කතාවෙලා නුවරඑළිය ගියා. නුවරඑළිය ස්ට්‍රෝබෙරි වත්තක් බලන්න ගිහින් කූල් ස්ට්‍රෝබෙරි මිල්ක්ශෙක් බීලා උණත් හැදුනා. මම ආසම උනේ නුවරඑළිය නාන් රොටී කන්න. නුවරඑළිය ට්‍රිප් එකෙන් ගෙදර ආවට පස්සේත් කාවින්දගේ තාත්තා ට්‍රිප් එකක් යන්න කතා කරාට අපේ තාත්තාට වැඩ වැඩි නිසා ඒගොල්ලොන්ට යන්න කිව්වා. ඉතින් දැන් මේ වෙලාවේ කාවින්ද ඉන්නේ අනුරාධපුරේ.. මට ඉන්නවනේ බෝල ගෙඩි දෙකක් බලාගන්න දැන්.ඒ නිසා ට්‍රිප් වැඩක් නෑ...
අද උදේ අටට මට ජපන් ක්ලාස් තිබ්බා. මාව තාත්තා වැඩට යන ගමන් ටවුන්හෝල් එක වෙනකන් එක්කන් ගියා. ඉතුරු ටික මම බස් එකේ ගියා.අද මම ජපන් ක්ලාස් ගිය තුන්වෙනි දවස. තාම මුල උනත් ඒ සෙන්සේ හොදට උගන්නනවා. මම ක්ලාස් යද්දී නම් අම්මා ගෙදර හිටියට මම එද්දී අම්මා හිටියේ නෑ. දහයට විතර මට මැසේජ් එකක් දාලා තිබ්බා ශොප් එකට යනවා කියලා. දැන් වෙලාව 11.45යි.
මහන්සි නිසා ඇග හෝදගෙන දවල්ට කෑවා. කලා ටිවි එක දාගෙන ටිකක් වෙලා ඉන්නකොට අම්මගෙන් කෝල් එකක් ආවා.
"කියන්න අම්මා...."
"දූ ඔයා දවල්ට කෑවද..."
"ඔව් කියන්න..."
"උදව්වක් ඔනේ..."
"අහගෙන ඉන්නේ...."
"අද තාත්තා එන්නත් රෑ වෙනවලූ,මමත් පරක්කු වෙයි. ඔයාට පුලුවන් ද ගෙදරට ඔනේ බඩු වගේක ලිස්ට් එකක් ඇති කෑම කන මේසේ ඉටිකොලේ යට ඒ ටික කීල්ස් එකෙන් අරන් එන්න..අල්මාරියේ කාඩ් එකත් ඇති..."
YOU ARE READING
Aprakashitha
Romanceප්‍රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30