24❤✨

15 4 0
                                    

"ලෝක සිතියම තට්ට තනියම
පීරුවා මම ඇත්ත හොය හොය

ලෝකෙ කෙලවර දන්නෙ නැතිවම
පෙරලුනා ලෝකාන්තයකට

වර්ගයා නසාගෙන
ස්වර්ගයා හොයා යන
මුර්ගයන් ඉන්න ලෝකෙක
සොයනවා අපි වසන්තය

වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

මල් නෙලාගෙන තුට්ටු දෙක තුන
සොයනවා රෑ කෑම වේලට

පහු කරන් යන වන්දනා නඩ
සොයනවා සුව ආධ්යාත්මික

ප්රාන්තේ ඇති වේදනාවට
අනන්තේ දුර යන්නෙ මොකටද?
වසන්තේ අග මල් පිපෙනකන්
නිරන්තරයේ දුක් විඳින්නද?

වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා (වේදනා දැකලා)
හේතුවක් සොයලා (හේතුවක් සොයලා)
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

කරගහන් එන හේතු ඵල ටික
ගෙවනවා තව එකතු කරගෙන"


මම හිටියේ මගේ කාමරේ ඩින්ඩී ඒරියා එකට වෙලා ගිටාර් එකත් ගගහා සිංදුවක් කියන ගමන්.කාමරේ සවුන්ඩ්පෲෆ් නිසා අම්මටයි තාත්තාටයි මගේ සිංදු කීම බාදාවක් උනේ නෑ. හැබැයි මගේ බලු ඩබලටනම් ඒක විසාල කරදරයක් උනා !!දැන් වෙලාව රෑ එකොලහයි හතලිස් පහයි. හෙට එහෙමත් නැත්තම් තව විනාඩි පහලවකින් මට වයස අවුරුදු දහ අටක් වෙනවා.කාලය ඉක්මනින් ගෙවිලා යනවා. මට මතකයි මම ගිය අවුරුද්දේ දාගෙන ඕලෙවල් වලට මේ කාලේ පාඩම් කරා. ඒ උනාට දැන්..? මම ඒලෙවල් සබ්ජෙක්ට් තෝරගෙන, ක්ලාස් තෝරගෙන, අලුත් ඉස්කෝලේකට ගිහින්, අලුත් ව්‍යාපාරයක් පටන් ගෙන සල්ලි එක්ක ගනුදෙනු කරන්න පටන් අරන්, අවුරුද්දක් ඇතුලත ලොකු ගමනක් ආරම්භ කරපු කෙනෙක්.

AprakashithaWhere stories live. Discover now