කොන්සට් එකෙන් පස්සෙ හැමෝටම සති දෙකක් නිවාඩු හම්බුණා . සාමාන්‍යයෙන් එහෙම තමයි හැම සැරේම . එක එක්කෙනා තම තමන්ගෙ විදිහට තම තමන්ගෙ වැඩ කරගෙන ගියා . සති දෙකක් නිවාඩු නිසා තුහින තමන්ගෙ ගෙදර ගියා .
නිවාඩු දීලා දවසකට පස්සෙ පාන්දර 4 ට විතර තුහින බෝඩ් වෙලා ඉන්න ගෙදරින් පිටත් උණේ ගමේ යන්න . එතකොට උදේ අට නවය වෙන කොට යා ගන්න පුළුවන් . ගමන් මහන්සියත් අඩුයි එහෙම යන කොට. තුහින ඉන්නෙ නුවර . නුවර ටවුන් එකේ ඉදන් කිලෝමීටයක් වත් නෑ ගෙදරට .
තුහින' s pov
" කොළඹ ඉදියට මොකද මෙහෙ වගේ හොදට හුස්මක් ගන්නවත් පුළුවන් ද එහෙ . හරි තදබදයි . මිනිස්සු නැති තැනක් නැහැ . ඒ මදිවට හුළං පොදක් නෑ . කොළ පාට මගා රූස්ස ගහක් දෙකක් ආසාවට හරි තියෙන්නෙ කැම්පස් එකේ විතරනෙ . අම්මපා ඩිග්‍රි එක කරනවා වෙනුවට කොළඹ පුරා පැළ හිටව හිටව ගියත් පාඩු නෑ . ආ....හ් ඒකටත් එක්ක හරියන්න බලන්න ඉතින් මෙහෙ ලස්සන . බලන බලන තැන ගස් . හුළගේ බැරුවා . ආයිශ්ශප්පාහ්.... "
නුවරට ලං වෙන කොට බස් එකේ ජනේලෙ උඩින් වැලමිට තියලා ඒ උඩින් තමන්ගෙ මූණ තියා ගත්තු තුහින ඇස් දෙකත් වහලා සීතල හුළගට මූණ අල්ලගෙන ඉදියා . තවත් පැය භාගයකට විතර පස්සෙ බස් එක නැවැත්තුවේ නුවර බස් ස්ටෑන්ඩ් එකේ . බස් එකෙන් බැහැපු තුහින බෑග් එකත් කරේ දාගෙන බස් ස්ටෑන්ට් එකෙන් එළියට ඇවිල්ලා නුවර ටවුන් එකට ඇවිද ගෙන ආවා .
නුවර හරි ලස්සන වයිබ් එකක් තියෙන හරි නිදහස් පැත්තක් . ඈත පේන දළදා මාළිගාව දිහා ටික වෙලාවක් බලං ඉදපු තුහින ටැක්සි එකක නැගලා ගෙදරට යන්න පිටත් උණා . විනාඩි දහයකින් විතර තුහින තමන්ගෙ ගෙදරට ආවා .
තුහින : අම්මේ.... අම්මගෙ චූටි පුතා ගෙදර ආවා ....
අම්මා : අහ්.... මං මේ බැලුවා මොකද පරක්කු කියලා . ඉතින් ඇයි ඔතන ඉන්නෙ . ගෙට එනවා ළමයො...
තුහින : ආ.... නුවර හාමිනේ මොනාද මට කන්න හැදුවේ ?
තාත්තා : ආ... කොහොමද ඉලන්දාරියට . බලන්නකො නෝනෙ මෙයාට අපිව මතක් වෙලා තියෙන්නෙ ඔය ...
තුහින : අයියෝ තාත්තේ... මං හරි බිසී අප්පා . මේ නිවාඩු හම්බුණ ගමන් දුවගෙන ආවේ .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...