" නිර්නාමික -62 "

52 5 4
                                    

නිම්න : තැන්ක් යූ අම්මා .

අම්මට හදන්න කිව්ව තේ එක ගෙනද්දුන්නම නිම්න එහෙම කිව්වෙ තුහිනත් බත් කාලා හෝදපු පිගාන රාක්කෙන් නවන කොට .

අම්මා : ඒක නෙවේ කොල්ලො . ආධිල් පුතා කන්න කැමති දෙයක් තියෙනවද ?

නිම්න : කැ...හ් . කැහ් . ඇයි ආධිල්ට දොළදුකද ? අනේ මෙන්න මේකගෙන් අහන්න ඕන එව්වා අම්මා ඇයි මගෙන් අහන්නෙ. ඇගත් සීතල උණා....

අම්මා : උඹෙන් කවුද ඇහුවෙ ලොකු එකෝ.  අනික ඇග සීතල වෙන්න ත-

නිම්න : හරි ඉතින් අම්මා මගෙ දිහා බලං ඇහුවෙ මොකෝ ? ඒකනෙ බය උණේ .

තුහින : අයියෝ... මහ දෙයක් ඕන නෑ . අම්මා කැමති දෙයක් එක්ක රස බත් එකක් හදලා දෙන්නකො . ම්ම් ? අයියෙ අන්න අරහෙට ගිහින් ඕක බොනවකො . ඕන්නැති එකක් නෑ තවුසෙටත්.

නිම්න : හ්ම් හ්ම්.... හාරි හාරි හාරි . අපිත් ඉන්නවනෙ බලමුකෝ.  

තුහිනට කිණ්ඩියක් දාගෙනම නිම්න තේ එකත් අරං සාලෙ දිහාට ගියා .

අම්මා : මේ තෙදස්වර ! මොකෝ බං ආධිල්ව මේ සැරේ එක්කගෙන නාවෙ ?

නිම්න : එක්කං එයි එක්කං එයි . ඉවසන්නකො අම්මේ....

ඒ සැරේ නිම්න සාලෙ ඉදන් මහ හයියෙන් කෑ ගහලා ආයෙම එහෙම කිව්වෙ තුහිනව ඩිම් වෙලා යනකොට .

තුහින : අයියෝ.... පොඩ්ඩක් නිදහසේ කට පියං ඕක බීපංකො අයියෙ ! මළ වදයක්නෙ අම්මෙ... ආ... එයා නාවෙ එක්සෑම් නිසා . එයාට ඉවර වෙන්න තව ටික දවසක් තියෙනවා .

අම්මා : හ්ම්... කොල්ලා ගෙ කටහඩ ඇහුවට මොකද දකින්නත් ආසයි

හවස කිව්වා වගේම තුහින ආධිල්ට කෝල් එකක් අරං අම්මට දුන්නමයි තුහින අතේ රස කෑම එකක් එවන්න කියලා ආධිල් අම්මට කියලා තිබ්බෙ . ඔය කතා බහත් එහෙම ඉවර වෙන කොට තුහින ආයෙම තමංගෙ කාමරේට ගිහින් දොර වහගෙන ඇදට පෙරළුණේ ආධිල්ට කෝල් එකක් ගන්න ගමන් .

ආධිල් : ආ....තුහින !

තුහින : හම්බේ බබා. මට ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනවා .

ආධිල් : ඒ මොකද්ද ඒ . ඒයි ඒයි මේ... බය හිතෙනවා මට හැබැයි ඒ කිව්ව විදියට .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now