දවල් වෙලා ආධිලුත් ආවම නිරාශා ඒ පැය දෙක තුනේ විස්තර කටර් එක වගේ විනාඩි දහයට ආධිල්ට කියලා ඉවර කළා . ඒ සේරම වෙනකන් තුහින කළේ ඉස්සරහා තිබ්බ ග්රවුන්ඩ් එකේ කෙළවර බලං කල්පනා කරපු එක . නිරාශා වගේම ආධිලුත් මේ වගේ කියවන ගොඩක් වෙලාවට තුහින කරන්නෙ ඒ කතාවට ඉඩ දීලා නිහඩව බලං ඉන්න එක . ඒ විනාඩි ගානට පවා තුහින තමන්ගෙ හිතත් එක්ක පොර බදිනවා . දකින කෙනෙක්ට නම් ඒවා ඒ හැටි ප්රශ්ණ නොවුනත් ඒ සේරම මැද තනි වෙලා විසදුම් හොයන්න යන තුහිනගෙ හිත තිබ්බෙ මහා ගැඹුරක ගිලෙන ගමන්. ඒත් තුහිනට ඕනෙ වුණේ නෑ බේරගන්න කියලා කෑ ගහන්න . කොහොම හරි මේ දෙයින් තමන්ම ගොඩ එනවා ඇරෙන්න ....
ටික වෙලාවක් යන කොට තුහිනගෙ එහා පැත්තෙන් ඉද ගත්තු ආධිල් දණිස් දෙකටත් ඔළුව තියා ගෙන විනාඩි කීපයක් යනකන් තුහින දිහා බලං ඉදියා . තියෙන තද හුළගට එහා මෙහා යන කොණ්ඩෙයි හුස්ම ගන්න කොට සැරින් සැරේ උඩ පහළ යන පපුවයි ඇරෙන්න තුහිනගෙ කිසිම හෙලවීමක්වත් ආධිල් දැක්කෙ නෑ . ඒ නිසා ආධිල් තුහින බිමට වාරු දීගෙන ඉදපු අතක් උඩින් තමන්ගෙ අත තියලා කතා කළේ තුහින ගැස්සිලා ආධිල් දිහා බලන කොට.
ආධිල් : මොකද්ද ප්රශ්ණෙ ?
තුහින : නිරාශා ???
ආධිල් : දන්නෙ නෑ බැජ් එකේ කෙනෙක් ඇවිල්ලා එක්ක ගියා . ටිකකින් එයි.... ඇයි මේ ?
තුහින : මුකුත් නෑ . හ්ම්... ඔයා ඕවා හිතන්නෙපා . එහෙම ප්රශ්නයක් නම් මං ඔයාට අනිවාර්යයෙන්ම කියන්නම්... හරිද ?
ආධිල් : හ්ම්.... මං එහෙම හිතන්නම්කො . නොකියා ඉන්නෙපා... හරිද ?
තුහින : හ්ම්.... කියන්නම් . බලන්න ආධිල් මං කිව්වා නේද කාලයත් එක්ක අපේ ප්රශ්න සේරම හොද විදියට විසදෙනවා කියලා . දැන් උඹ තරමක් දුරට ඉන්ඩිපෙන්ඩ් වෙලා ඉවරයි . ඩිග්රි එක කළාම සේරම හරියාවි...
ආධිල් : ඒක නම් ඇත්ත . ඉස්සරහටත් එහෙම වේවි නේද ? හැබැයි....
තුහින : මොනාද හැබැයි ?
ආධිල් : හැබැයි කිව්වෙ.... තව අවුරුද්දකින් ඩිග්රි එක ගත්තම අපි ඈත් වෙන එකක් නෑ නේද ? මොකද ඉතින් අපිට හම්බෙන්න වෙන්නෑනෙ මේ වගේ . එහෙම හිතද්දි මහ දුකක් එනවා මට වෙලාවකට .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...