ගෙදර ඇවිල්ලාත් කරන්න කිසිම වැඩක් නැති නිසා පහළට වෙලා කියව කියව ඉදලා ආධිල් උඩට ගියේ ගෙදෙට්ට කෝල් එකක් ගන්න හිතාගෙන . උදේ ඉදන් හවස් වෙනකන්ම ආධිල්ගෙ හිතේ තිබ්බා ගෙදරට කෝල් එකක් ගන්න . ඒත් අද තාත්තා ගෙදර නිසා ශනූ නිදාගන්න කාමරේට ගිහින් මැසේජ් එකක් දානකන් ආධිල් ට මග බලන් ඉන්න උණා . ඒ වෙද්දි වෙලාව එකොළහට විතර ඇති . නොනගතේ ලබන්න කලින් තුහිනලගෙ අම්මා හොදට කන්න දුන්න නිසා දැන් ආයෙම බඩගින්නක් අහලකටවත් ආවෙ නෑ . මොකද අවුරුදු චාරිත්රයක් විදියට නොනගතේට කෑම නොකා ඉන්න එක සිරිතක් නිසා .
ශනූ : හලෝ.... අයියෙ ?
ආධිල් : ශනූ හොදින් ඉන්නවද හැමෝම ?
ශනූ : ඉන්නවා අයියෙ . ඒත් ඉතින් ඔයා නැතුව මට හරි පාළුයි . එතකොට අයියා ආයෙ කවදාවත්ම අවුරුද්දට ගෙදර එන්නෙ නැද්ද ? ..... අනේ අයියෙ !
ආධිල් : මං එනවා ශනූ.... මට ටික කාලයක් දෙන්න . තාත්තා මට අකමැතී තමයි ඒත් මං මගේ පුළුවන් උපරිමේන්ම ට්රයි කරනවා ස්වාධීන වෙන්න . එතකන් ඉවසන්න පැටියො...
ශනූ : හ්ම්... මං ක්ලාස් යන දවසක ටවුමට එන්න හොදද ?
ආධිල් : මං එන්නම් ශනූ...
ශනූ : ඇත්තටම අයියෙ මේ අවුරුද්දෙ විභාගෙ ලිව්වම මං තාත්තා එක්ක කතා කරන්න ඉන්නෙ . මොනා උනත් ඔයා මගේ එක කුස උපන් සහෝදරයනෙ දෙයියනේ ! තාත්තා හිතන්නෙ එයා කිව්ව පළියට ඔයාව මට මගේ ජීවිතෙන් අයින් කරන්න පුළුවන් කියලද ? අනික එහෙම කියන්නෙ මොන හේතුවක් උඩද ?
ආධිල් : ශනූ මේ.... පණ්ඩිත වෙන්න එපා . ඔයා කෙල්ලෙක් හරිද ?
ශනූ : ඉතිං... කෙල්ලෙක් උණාම මොකද අයියෙ ? මං කතා කරන්නෙ අයියා ගැන මිසක් වෙන මිනිහෙක් ගැන නෙවේනෙ .
ආධිල් : ඔව්.... ඔයාට කතා කරන්න අයිතියක් තියෙනවා . ඒත් හිතන්න . මං කොල්ලෙක් නිසා ගෙදරින් එලෙව්වත් මොන කට්ට කාලා හරි ගේම ගහන්න පුළුවන් . ඒත් ඔයා ? ඔයා කෙල්ලෙක් ශනූ...
ශනූ : මට කමක් නෑ... මට ඔයා ඉන්නවනෙ අයියෙ ඉතිං...
ආධිල් : මං ඉන්නවා තමයි ශනූ... ඒත් මට දැන් ඔයාව බලාගන්න තරම් හයියක් නෑ නංගි .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...