" නිර්නාමික -58 "

78 5 7
                                    

නිරාශා. : අඩෝ ගොබ්බ ආධිලේ.... මගෙන් මැරුම් නොකා මෙහෙ වරෙන් .

තුහින කෝල් කරලා පැයක් යන්නත් කලින් නිරාශා කඩාගෙන බිදගෙන ආවෙ ආධිල්ගෙ බෝඩින් ප්ලේස් එකට .

ආධිල් : මොකෝ... උඹ මෙහෙ මොකද කරන්නෙ ?

නිරාශා : ඈ පොල් බූරුවෝ . තෝ මට නොකියා ආවෙ මොන කෙංගෙඩියටද ? කියලා එන්න එපෑ මිනිහො . මාත් එනවනෙ ඒනම්...

තුහින : නෑ බං හදිස්සියේ ආවෙ . මම තමයි හදිස්සියේ ආධිල්ව හම්බෙන්න ආවෙ . උඹ ලෙක්චර් එකක ඉදපු නිසා එවෙලෙ නොකියා දැන් ටිහකට කලින් කිව්වෙ . පොඩි ප්‍රශ්නයක් ඒකයි .

ආධිල් : ඔව් ඔව් අප්පා ඔයාටවත් පුළුවන්නම් මේ ගොන් අලිච්චිට තේරුම් කොරලා දෙන්න අනේ . මං යනවා උයන්න...

ආධිල් අතේ තිබ්බ හැන්දත් ගස්සලා අරං නිරාශට රවලා කිව්වම බෑග් එකත් ස්ටූල් එක උඩින් තියලා නිරාශා හරි බරි ගැහිලා තුහින ළගින්ම වාඩි උණේ අපේ ලංකාවාසීන් රෑ නවයාමාර වෙද්දිම මේ ආදරේ බලන්න වට උණා වගේ .

නිරාශා : මේකගෙ ගැස්සිල්ල බලහන්කො... ආ ඒක නෙවෙයි . දැන් උඹ කියාම් මොකද උණේ...?

තුහින : අපේ තාත්තා , මාව රට යවන්න බං හදන්නෙ . සේරම මටත් හොරෙන්ම ලෑස්ති කරලා .

නිරාශා : වට් ද ෆක්... මොන මගුල් කතාවක්ද බං ඒ ? මේ ඉදපු ගමන් හෙණ ගහන්න වගේ උඹ මට බොරු ඇද බානවා නෙවෙයි නේද ?

තුහින : නෑ බං . මට කරන දේ හිතා ගන්න බෑ බං .

ආධිල් : මං නම් කියන්නෙ යන්න කියලා බං. කොහෙද මේ මිනිහට තේරුම් කරන්න බෑනෙ . උඹවත් කියහංකො බලන්න.

තුහිනට හින්ට් එකක් පාස් කරන ගමන් ආධිල් කුස්සියේ ඉදන් එහෙම කිව්වෙ නිරාශාට .

නිරාශා : ආධිල් කියන දේ ඇත්ත තුහින. මේක ඔයාට හොද opportunity එකක් ජීවිතේ. අනික හිතන්න ඒ පොඩි කාලෙන් පස්සෙ ඔය දෙන්නට දැන් හිතනවටත් වඩා හොදට ජීවත් වෙන්න පුළුවන් . එහෙම නේද ?

තුහින : ඒත් මේ හැමදේම දාලා මං කොහොමද බං ඉදපු හැටියෙ රට යන්නෙ...?

නිරාශා : අපි ඒ වෙද්දි සේරම සෙට්ල් කර ගමු . ම්ම් ? අනික උඹට බය අපේ ආධිලේ ගැනද ?

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now