නිරාශා ඉදියෙ මවුන්ට් ලැවීනියා වල හොටෙල් එක පිටිපස්සෙ තිබ්බ බීච් එකේ වෙරළට වෙලා මුහුද දිහා බලාගෙන . දැනටමත් ශෙවෝනුත් එනගමන් ඇත්තෙ . නිරාශා දැනන් උන්නෙ නෑ ශෙවෝන් ආවහම එයා මොනාද කතා කරන්නෝන කියලා . එයා කතාව පටන් ගන්නෙ කොහොමද කියලවත්. ඒත් තුහින කිව්ව විදියට "මොකටද වෙන්න තියෙන දේවල් ගැන හිතලා නොසන්සුන් වෙන්නෙ , වෙන්න තියෙන දේ වෙනකන් බලං ඉදලා දෙයක් කරනවා හැර ? "
ශෙවෝන් : හායි !
නිරාශා : .....
ශෙවෝන් : ඒයි බං ?
නිරාශා : අහ්.... ශෙවෝන් ! මං දැක්කෙත් නෑ උඹ එනවා .
ශෙවෝන් : ඒ බව නම් මාත් දැක්කා හොදටම .
නිරාශා : මොනාද උඹ දැක්කෙ ?
ශෙවෝන් : උඹ මොනවත් දැක්කෙ නෑ කියන්න මං හොදටම දැක්කා .
නිරාශා : උඹේ අණ්ඩර දෙමළ තේරෙන්නෑ මට .
ශෙවෝන් : ඇයි හදිස්සියේ එන්න කිව්වෙ ? මොනාද කතා කරන්න ඕන කිව්වා නේද ?
නිරාශා : හ්ම්.... ඔව් . මුළින් මේ සෙනග ළගින් පොඩ්ඩක් එහාට යමුකො.
එහෙම කිව්ව නිරාශා ශෙවෝන්වත් පහු කරගෙන මවුන්ට් ලැවීනියා ඉදන් දෙහිවල දිහාට වෙරළ දිගේ ටික දුරක් ඇවිද ගෙන ගියේ ශෙවෝනුත් ඒ පස්සෙන් වැටෙන කොට . මීටර් දෙසීයක විතර දුරක් ආවට පස්සෙ හොටෙල් එකේ මායිමේ තිබ්බ ගහක් හෙවණින් ඉද ගත්තෙ ශෙවෝනුත් ඊට එහා පැත්තෙන් ඉද ගන්න කොට .
ශෙවෝන් : ඔයා අවුලකද ඉන්නෙ ?
නිරාශා : හ්ම්.... ඔව් . දන්නවද ඒ මොකද්ද කියලා .
නිරාශා ඇදලා ඉදපු දිග ගවුමෙන් කකුල් දෙක වහ ගන්න ගමන් එහෙම කිව්වෙ බෑග් එකත් උරිස්සෙන් පන්නලා ඉඩොක්කුවෙන් තියා ගන්න කොට .
ශෙවෝන් : දන්නෙ නෑ . තුහිනයාවත් මට මොනවත් කිව්වෙත් නෑ. මොකද්ද දැන් ප්රශ්නෙ ?
නිරාශා : උඹයි ප්රශ්ණෙ !
ශෙවෝන් : මං ? ඒ මොකද ? මේක විහිළු කරන වෙලාවක් නෙවෙයි නිරාශා .
නිරාශා : විහිළු ? විහිළු තිබ්බෙ ඉස්සර බං . දැන් අපි හිනා වෙන්නෙත් හිනා නොවී බැරි කමට .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...