ආධිල් හිටියෙ ඉස්සරහා තිබ්බ ගේට් එකේ කණුවට හේත්තු වෙලා පාර දිහා බලාගෙන කල්පනා කරන ගමන් . විනාඩි කීපෙකට සැරයක් යන වාහනයක සද්දෙට ඇරෙන්න ආධිල්ගෙ කල්පනාව බිදින විදියෙ කිසිම දෙයක් ඒ අවට නොතිබ්බ තරම් . එතකොට හවස හතරයි කාලට විතර ඇති .
තුහින : ආධිල් ?
ආධිල් : හහ්... හම්බේ උඹ ? මං බයත් උණා .
තුහින : මේ යමු ඇතුළට . මොනාද කල්පනා කරන්නෙ . මං දැන් ගොඩක් වෙලා තිස්සෙ බලාගෙන ඉන්නෙ මේ...
ආධිල් : එහෙම මුකුත් නම් නෑ . ටිකක් කම්මැලි නිසා මං මේ-
තුහින : බොරු නොකියා ඉදපන් . උඹ වචන ගලපන්නෙ ඇයි.... මේක බීලා ඉන්න ඔක්කොටම කලින් .
එහෙම කිව්ව තුහින අතේ තිබ්බ ටී දෙකෙන් එක මග් එකක් ආධිල්ගෙ අතෙන් තිබ්බෙ ආධිල් මග් එක දිහා බලන කොට.
ආධිල් : ...... තැන්ක් යු .
තුහින : හ්ම්... එතකොට උඹ කියන විදියට උඹ කල්පනා කළේ නෑ නේ ?
ආධිල් : අම්.... ඔව් . මං කල්පනා කළේ නෑ . අපි ඉදගමුද ?
තුහින : හරි යමු....
සුපුරුදු විදියට ටිකක් එහාට වෙන්න තිබ්බ බංකුවට ගිහින් දෙන්නත් එක්කම ඉද ගත්තෙ ඒ කතා බහ දිගටම ගෙනියන්න ඕන නිසා .
තුහින : උඹ අවුලක ඉන්නෙ . එහෙම ඉදියත් උඹට ඒක මට කියන්න පුළුවන් විදියෙ අවුලක් වෙන්න ඕනනෙ ආධිල් . මං උඹ කිව්වත් නැතත් ඕනම වෙලාවක උඹව අහං ඉන්න ලෑස්තී .
ආධිල් : මං දන්නවා තුහින . ඒත් බං මං එන්න කලින් උඹේ ජීවිතේ හරිම නිදහස් විදියට ගලාගෙන ගියා කියන්න මං දැක්කා .
තුහින : උඹ එන්න කලින් මගේ ජීවිතේ ගලාගෙන ගියා තමයි . හැබැයි ඒ ගලාගෙන ගියේ කිසිම ආසාවක් නැතිව . ඒත් උඹ හිතන විදියට මගේ නිදහස උඹ නිසා නැති උණා කියලනම් ,මං හරි ආසයි ඒ ගෙවෙන හැම තප්පරේටම . උඹ එක්ක ඉන්න හැම මොහොතකටම මං හරි ආසයි . මොකද මට දැනෙනවා මං වෙනුවෙන් කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා . ඒක තමයි ලෝකෙ ඉන්න ඕනම මනුස්සයෙකුට තමං ජීවත් වෙන්න ඕනෙයි කියලා තියෙන ලොකුම බලාපොරොත්තුව .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Kurgu Olmayan~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...