තුහින ආධිල් එක්ක තේව් අයියත් කතා බහක යෙදිලා යන්න ගියාම ඒ මුකුත් නොදන්න ශෙවෝන් ඉදියෙ ගෙදර බැල්කනි එකට වෙලා කෝපි එකක් බොන ගමන් . උදේ ආධිල්ලගෙ ගෙදර ඉදන් ඇවිල්ලා එහෙම්මම බිස්නස් වැඩකට ගිය නිසා ශෙවෝන්ට දවල්ට කන්න හම්බෙද්දිත් හවස පහාමාර විතර වෙලා තිබ්බෙ . ඒ වෙලාවට කාපු නිසා ආපහු රෑට කන්න ඕනයි කියලා මහ බඩගින්නක් නාව නිසාත් සැන්ඩ්විච් එකක් කාලා කෝපි එකක් බොන්න හිතුවා . කාලා ඉවර වෙලා අයි පෑඩ් එකේ පීඩී එෆ් කරපු ඩොකියුමන්ට් එකක් බලන ගමන්ම ශෙවෝන් ඇවිල්ලා බැල්කනි එකේ දාලා තිබ්බ ලී සෙටියෙන් වාඩි උණා . තේ එක බීලා ඉවර වෙලා අයි පෑඩ් එකත් පැත්තකින් තිබ්බ ශෙවෝන් නැගිටලා ගිහින් අත් වැටට හේත්තු උණා .
දවස් ගෙවෙන්නෙ ඊතලයකටත් වඩා වේගෙන් කියලා ශෙවෝන්ට හිතුණා . ඇත්ත මහ අවුරුදු ගානකුත් තප්පර ගානක් වගේ දැනෙන කොට , උදේට ඉර පායලා හවසට බැහැලා ගිහින් හද පෑවුවහම ඉවර වෙන පැය විසි හතරටත් දවසක් කියලා නමක් දෙන්න බැරුව ශෙවෝන් ලත උණා .
ඇත්ත පොඩි කාලෙ සරලව ගෙවුණ ජීවිතේ , මේ මොහොත වෙන කොට කොච්චරක්නම් කියලා සංකීර්ණ වෙලාද ?
අම්මගෙ අතේ එල්ලිලා ඉස්කෝලෙ යන්න ගත්ත දවසෙ ඉදන් අපි කොච්චර දුරක් ඇවිල්ලද , ඒක හරි ලොකු දුරක් . මොකද දැන් අපිට ඒ අතත් ඇතෑරිලයි තියෙන්නෙ මේ වෙද්දි . දැන් අපි තමයි ඒ අත අල්ලගෙන ඉස්සරහට යන්න ඕන...
ජීවිතේ අන්න ඒ වගේ දෙයක් ! මීට මොහොතකට කලින් උණ දේ මේ වෙද්දි හරි ගොඩක් වෙනස් වෙලා කියලා තේරෙන්න නම් අපිට පොඩි වෙලාවකට ඔළුව හරවලා අපි ආපු පාරෙ අතීතය දිහා බලන්නම වෙනවා .කාටවත් නොකිව්වට ආපු වෙලේ ඉදන්ම ශෙවෝන්ගෙ ඔළුවෙ කැරකුණේ තේව් ගැන . මීට කාලෙකට කලින් ඒ ඇස් පේන මානෙන් පවා ශෙවෝන් ඈත් උණා . ඇයි ඒ ?
ශෙවෝන්'s pov
"ඇයියේ කියන ප්රශ්නෙට මට මහා ලොකු වගේම සාධාරණ හේතුවක් තිබ්බා . ඇත්තටම මං එදා පළවෙනි පාරට තේව් අයියව හම්බුණ දවසෙ ඉදන්ම මහ හුගක් එයාට කැමතී . මං හිතුවෙ කවදම හරි ඒ වගේ personality එකක් හදා ගන්න ඕනමයි කියලා . ඇත්තටම එයා හරිම කොලිටි කැරැක්ටර් එකක් "
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...