සති දෙක තුනක් ඉබේම ගෙවිලා යන කොට තුහිනගෙ අයියගෙ නඩුවටත් එන්න එන්නම දින ළං වුණා . නඩුව තිබුණෙ නුවර උසාවියේ . නඩුවට කලින් දවසේ ඒ කියන්නෙ හෙට රෑ ගෙදර යන්න තමයි තුහින හිතං ඉදියෙ. එතකොට කැම්පස් මග ඇරෙන්නෙත් නැති නිසාමයි එහෙම තීරණයක් ගත්තෙ .නිරාශා : ආ...හායි !
ආධිල් : අහ්... මේ බලහන්කො බං . එක සැරේටම කවුද ඇවිල්ලා .
තුහින : ඒක තමයි මාත් බැලුවෙ මෙච්චර කල් මොන ලෝකෙද ඉදියෙ .
නිරාශා : හරි හරි.... අපි ගියා අපෙ අක්කලගෙ ගෙදර. බබාගෙ කිරි දානෙට . මේ බඩුවක් ගෙනාවා ඒක දෙන්න ආවෙ . මේ අලුවා !
ආධිල් : ආහ්.... My favorite හලෝ . දීපම් මෙහෙට....
නිරාශා : ඉව්.... මනුස්සයෙක් වගේ කනවකො ආධිල් .
තුහින : උඹට කියන්න මූ මහ පෙරේත ආත්මයක් මෙහෙම ඉදියට .
නිරාශා : ඒක නම් ඇත්ත වගේ .
ආධිල්ගෙ අතේ තිබ්බ පොඩි පෙට්ටියෙන් අලුවා කෑල්ලක් අරගෙන කටේ ඔබා ගත්ත තුහින කියන කොට ආධිල් රවලා දෙන්නා දිහාම බැලුවා . ඇත්තටම මේ වෙද්දි නිරාශා ඒ දෙන්නගෙ හොද යාළුවෙක් වෙලයි ඉදියෙ . හිතුවා වගේම නිරාශා කියන්නෙ හරි introvert චරිතයක් . මිනිස්සු කරන හොඩක් දේවල් එයා දැක්කෙ මහ විකාරයක් විදියට . ඉතින් ඒකලු එයා ගොඩක් වෙලාවට තනියම ඉන්න පුරුදු වෙලා තියෙන්නෙ . එයාට දැනට ඉන්න යාළුවෝ දෙන්නා ආධිලුයි තුහිනයි විතරක් උණේ ඒ නිසා .
තුහින : ඒක නෙවෙයි නිරාශා . ඔයාලගෙ අක්කා කොහෙද ඉන්නෙ ?
නිරාශා : ආ එයා මැරි කළානෙ . දැන් ඉන්නෙ කැන්ඩි වල .
ආධිල් : වට් ? ඉතින් බං අපේ තුහිනයත් එහෙමනෙ . සමහර විට ළග පාතක වෙන්නත් පුළුවන් නෙ බං .
තුහින : ඒක තමයි....
නිරාශා : වෙන්නත් පුළුවන් . ආ ඒක නෙවෙයි උඹ තුහින යනවද හෙට ?
තුහින : ඔව් නිරාශා . ගිහින් එන්න යන්න එපැයි . අයියගෙ නඩුවනෙ බං .
නිරාශා : ම්ම් නොයා ඉන්න එපා . නොකිව්වට අයියාත් බලං ඇත්තෙ උඹ එනකන් .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...