යුගාන් : ඇ - ඇත්තටමද ශධිල් !
ශෙවෝන් : හ්ම්... ඔයාට පුළුවන් නම් හොදම කෙනා වෙන්න අයියෙ . මගේ හිතට හරි මහන්සී මේ දේවල් එක්ක . එහෙම එකේ සැනසීමක් විතරක්ම වෙන්න පුළුවන් ද ඔයාට ?
යුගාන් : පුළුවන් . Omg මට මේක විශ්වාස කරන්නත් බෑ . ඔහෝ.... තෑන්ක් ගෝඩ් . ඇහුනද ? හැමෝම අහ ගන්න ශධිල් මට කැමතී . අහ්.... නෑ. මට ආදරෙයි .
ශෙවොන්ගෙ වටේ රවුමක් දුවපු යුගාන් මුහුද දිහාට කෑ ගහලා එහෙම කිව්වෙ ශෙවෝන් අත් දෙකත් බැදගෙන හිනා වෙන කොට .
ශෙවෝන් : මිනිස්සු බලනවා අයියෙ .
යුගාන් : ඉතින්... ඒකට මොකෝ . අහන්න ශධිල් , මට පුළුවන් හොදම විදියෙන් මං ඔයාව බලා ගන්නවා . හ්ම් ?
ශෙවෝන් දිහාට තමන්ගෙ අතක් දික් කරපු යුගාන් එහෙම කිව්වම ශෙවෝන් තමන්ගෙ අත යුගාන් ගෙ අතේ පටලවා ගත්තේ හා කියන්න ඔළුව වනන ගමන් .
ශෙවෝන් : අයියෙ... ඔයාට මාව එපා වෙන එක-
යුගාන් : උඹව දරාගන්න මට පුළුවන් . මෙහෙ එනවා . මං දැනන් ඉදියනෙ කවදා හරි පොඩි එකා මගේ වෙනවමයි කියලා .
ශෙවෝන් : අර කොහොමද ඔයා එහෙම එකක් දන්නෙ ?
යුගාන් : දන්නවා කොහොම හරි .
තමන්ගෙ අතේ පැටළුන ශෙවොන්ගෙ අත දිහා බලපු යුගාන් හිනා වෙලා එහෙම කිව්වෙ ශෙවෝන් ප්‍රශ්නාර්ථ බැල්මක් දානකොට.
යුගාන් : මොකද ? ඔහොම බලන්නෙපා .
ශෙවෝන් : ඒ මොකද ?
යුගාන් : ආ... මගෙ බඩේ සමනල්ලු යනවා වගේ ශධිල් . ඔයාට තේරෙන්නෑ ඒක . Btw thank you Shadil .
ශෙවෝන් යුගාන්ට හිනා වෙලා උත්තර දීලා එතන වෙරළ අයිනෙන් ඉදගත්තෙ යුගානුත් එහා පැත්තෙන් ඉද ගන්න කොට .
තුහින : ආධිල් . මං ඇවිල්ලා ඉන්නෙ....
තුහින හිටියෙ කැම්පස් එක ඉස්සරහා ගේට් එක ළග ආධිල් එක්සෑම් ඉවර වෙලා එනකන් . මොකද ආධිල්ගෙ අම්මව බලන්න යන්න එන්න තුහින උදේම නුවර ඉදන් කොළඹ ආවා .
ආධිල් : ආ මං එන්නම් . විනාඩි පහක් දෙන්න !
තවත් ටික වෙලාවක් යන කොට වෙනදට වඩා ටිකක් ලොකු බෑග් එකකුත් අරගෙන කැම්පස් එක ඇතුළෙ ඉදන් එළියට දුවං ආවෙ තුහින ඇවිල්ලා ඉන්නවා කියපු නිසා .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...