" නිර්නාමික -61 "

74 7 11
                                    

තුහින : මං කොහොමත් ස්ටුඩන්ට් වීසා එක ඇපෲව් උණාම මාතලේ ගිහින් සමරවික්‍රම අන්කල්වයි ආන්ටිවයි හම්බෙලා එන්න ඕන ආධිල් ! යන්නත් බැරි උණා කාලෙකින් . එහෙම්මම යුගාන් අයියගෙ අම්මවයි තාත්තවයිත් බලලා එනවා .

ආධිල් : ඒක හොදයි . ආ.... මේ වතුර ! ඔයා දැන්ම යන්නෑ නේද ? ටිකක් ඉදලා යන්නකො තුහින .

තුහිනට කවලා තමනුත් කාලා ඉවර වෙලා අත හොදගෙන ආව ආධිල් අයෙම තුහින ළගින් ඉද ගත්තෙ කකුල් දෙකත් සෝෆා එක උඩට ගන්න ගමන් .

තුහින : හ්ම්... ටිකක් ඉන්නම් එහෙනම් . දැන් රෙඩිද හෙට තියෙන එක්සෑම් එකට ?

ආධිල් : හ්ම්... ඔව්. මේ අහන්නකො... ඔයා යන්න කලින් පිපෙන අන්තිම රොබරෝසියා වාරෙටත් අපි එතනට යමුද තුහින ?

තුහින : හරි . මං ඔයාව එක්ක යන්නම්... මං හැම රොබරෝසියා මල් පිපෙන කාලෙකටම ඔයාව බලන්න එන්නම් . ම්ම් ? එතකොට ඒ හැම වාරෙකම ඔයාට රොබරෝසියා බලා ගන්න පුළුවන් .

ආධිල් : හ්ම්...

තුහිනගෙ බඩ වටේ අත දාලා තුහිනගෙ උරහිසකට බර වෙලා ආධිල් කිව්වෙ ඒ ඇස් වලට එබීගෙන ඉන්න අතරෙ .

තුහින : මොකද අද මේ ඔයා ? මොකද්ද ප්‍රශ්නෙ ආධිල් . ඔයා ඉන්නෙ හිතේ අමාරුවක නේද ?

ආධිල් : මුකුත් නෑ . මං ඔයාට ආදරෙයි....

තුහින : මාත් ..... දැන් ඉස්සරහට වෙන දේවල් හිතන්නෙපා.  මේ මොහොත ගැන හිතන්න ආධිල් .

ආධිල්ගෙ නලලට හාදුවක් දීපු තුහින ආධිල්ගෙ උරහිස වටෙන් අත දාලා ආධිල්ව තව ටිකක් තමන් ළගට ලං කර ගත්තෙ ආධිල් තුහිනව තව ටිකක් තද කරලා බදා ගන්න කොට .

ආධිල් : තුහින ඔයා දන්නවද.... ඔයා මගේ හැමදේම වෙලා දැන් . අඩු ගානෙ ඔයා නැති ජීවිතයක් ගැන හිතන්න පවා මට හරි බයයි .

තුහින : මම නැති ජීවිතයක් ගැන ඔයා හිතන්න ඕන නෑ ආධිල් . මොකද මං එහෙම දේකට ඉඩ තියන්නෙ නෑ . ඔයා ඒ ගැන දන්නවනෙ හොදටම ! එහෙම නේද ම්ම් ?

ආධිල් : මං දන්නවා .

තුහින : ඒ ඇති... දැන් පොඩ්ඩක් ඔහොම ඉන්න සද්ද නැතුව .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now