" නිර්නාමික -60 "

58 4 2
                                    

ඔය විදියට දවස් දෙක තුන ගෙවිලා යනකොට තුහින ආධිල් වගේම නිරාශත් ඉදියෙ එයාලගෙ අවසාන අවුරුද්දෙ අවසාන සෙම් එකේ එක්සෑම් වලට කොටු වෙලා . ඇත්තටම මේක තමා ඩිග්‍රි එකට කලින් තියෙන ෆයිනල් එක්සෑම් එක . එක් එක්කෙනාට කතා කරන්නවත් එයාලට වෙලාවක් නොතිබ්බ තරම් . නිරාශා නම් රෑ එළි වෙනකන්ම ආධිත්‍යගෙත් උදව් ඇතුව එක්සෑම් එකට මැරීගෙන පාඩම් කළා . තුහිනත් ස්ටඩි ලීව් එකේ එළියට බොබැස්ස තරම් . ආධිල් කියලත් වෙනසක් නෑ . දවසෙ ක්කතා කරන්න දා ගත්ත විනාඩි කීපයක වෙලාව ඇරෙන්න එයාලා හැම වෙලේම ෆයිනල්ස් වලට මැරීගෙන මහන්සි උණා .

මහන්සි වෙලා නිදා ගන්න කලින් තුහින හැමදාම ආධිල්ට කෝල් කරන්න අමතක කළේ නෑ . කොච්චර බිසී උණත් ආධිල්ගෙ හැමදේම තුහින හොයලා බැලුවා . ආධිල් කියන හැම වචනයක්ම තුහින කිසිම නිදිමතක් නැතිව අහං ඉදියා . ඇත්තටම දවස කොච්චර මහන්සි එකක් උණත් ආධිල් එක්ක කතා කරන විනාඩියේ පවා ඒ මහන්සිය නැතිම වෙලා යනවා වගෙයි තුහිනට දැනුණෙ . ඇත්ත ලෝකෙ හැම මනුස්සයෙක්ටම හම්බවෙන්න ඕන ඒ වගේ බැදීමක් . තනි නොවී නිවෙන්න පුළුවන් ආදරයක් .

ඒ වෙනකන් ගොඩක් දේවල් හොද විදියට සිද්ද වෙමින් තිබ්බා . ඒත් එක දෙයක් ඇරෙන්න . මොකද්ද ? ඔව්.... තුහිනගෙ මාස්ටර්ස් වලට රට යන එක ඇරෙන්න අනිත් හැමදේම හොද විදියට ගලාගෙන යන ගමන් තිබ්බා . තුහින කොච්චර අකමැත්තෙන් උණත් ආධිල් හැම වෙලේම තුහිනව ඒ වැඩේට පොළඹවන්න උත්සහ කළා . මොකද තමං නිසා තුහිනගෙ ජීවීතේට එන්න තියෙන හොද දේවල් වැළැක්වෙනවට ආධිල් කැමති උණේ නෑ . ඉතින් තුහිනත් හිත හදාගෙන හරි එකග උණේ ආධිල් නිසාමයි .

ඔය අතරෙ ශෙවෝන් යුගාන් දෙන්නත් යම් තාක් දුරට කතා බහ කරන්න අරං තිබ්බා . ශෙවෝන්ගෙ හිත හරිම මුරණ්ඩු එකක් . යුගානුත් ඊට නොදෙවෙනි වෙන්න මුරණ්ඩු කෙනෙක් . ඉතින් ශෙවෝන් කවදම හරි තමං වෙනුවෙන් ඒවි කියලා එයා හැම වෙලේම විශ්වාස කළා . ඒත් තාම ඒ බලාපොරොත්තුව කොයි විදියට මොන පැත්‍තට හැර වෙයිද කියන එක හැමෝටම ප්‍රශ්නයක් . ඇත්තටම ඒ වෙලාවෙ හැමෝටම ඒ ඒ කෙනාගෙ පැත්තෙන් එක එක ප්‍රශ්න තිබ්බා . ඒත් ඕනම වෙලාවක තමන්ගෙ ක්ව්නෙක් වෙනුවෙන් පෙනී ඉන්න එයාලා අමතක කළේ නෑ . දේවල් කොච්චර කොහොම නරක විදියට උණත් එයාලා එකිනෙකා වෙනුවෙන් ඉන්න එක වෙනස් වුණේම නෑ .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now