ආධිල් : දන්නවද බං මට පෙරේදා දැණුන බය දැන් නැතිම වෙලා ගිහින්ද කොහෙද !
නිරාශා : ඒ ඇයි ආධිල් ?
ආධිල් : ඇත්තටම උඹලා වගේ යාළුවෝ ඉන්න මං මොකක් හරි ලොකු පිනක් කරලා ඇති .
තුහින : පිනක් ?
ආධිල් : ම්ම් නැත්නම් වාසනාව වෙන්න ඇති !
තුහින : ම්ම් නෑ නෑ . වාසනාව නෙවෙයි ආධිල් . පිනක් වෙන්න ඕන... වාසනාව අවාසනාව කියලා දෙයක් ලෝකෙ නෑ .
ශෙවෝන් : ඒ ඇයි තුහින ඒ ?
තුහින : මං නම් දකින්නෙ අපි කරන දේ අනුව තමයි ඒක තීරණය වෙන්නෙ කියලා .
ආධිල් : හ්ම්... දැන් ගියාට පස්සෙ නෝට්ස් කවර් කරගන්නත් ඕන . ඒ ටික කරලා හොද නින්දක් දාන්න ඕන .
තුහින : හ්ම්... උඹ හවසට වෝකින්ග් ට්රැක් එකට එනවද ආධිල් ,
ආධිල් : එහෙම අදහසක් නම්.... අහ් නෑ මං එන්නම් .
නිරාශා : හම්.... මේ බං මං ටවුන් එකෙන් බහිනවා . උඹලා තුන් දෙනා පරිස්සමින් පලයන් . ශෙවෝන් ඔන්න ඔය ශොප් එක ඉස්සරහින් නවත්තන්නකො . මං හිමීට බැහැ ගන්නම්...
ශෙවෝන් : උඹ කොහෙද යන්න හදන්නෙ ?
නිරාශා : නෑ බං . මට බඩු වගයක් ගන්න තියෙනවා . අරගෙන ටුක් එකක යන්නම් .
තුහින : පරිස්සමින් පලයන් එහෙනම්.
ආධිල් : ඔව් ඔව්... ඇස් කටේ දාගෙන නෙ ඉන්නෙ කොමත්
නිරාශා : අනේ යන්න අප්පා . බායි ගයිස්...
තුන් දෙනාට සමු දීපු නිරාශා එතනින් බැහැලා තිබ්බ සුපර්මාකට් එක ඇතුළට ගියේ මොනාද බඩු වගයක් ගන්න තියෙනවා කියලා . නිරාශාවත් බස්සලා ශෙවෙඕන් ආධිල්වයි තුහිනවයිත් ගෙවල් වලින් දාගෙන ගෙදර යන්න ගියා . ඒ වෙද්දි වෙලාව නවයයි හතළිස් පහට විතර කිට්ටු කරලා තිබ්බෙ . ට්රැෆික් නැති නිසා ගියා වගේම ඉක්මනින් එන්නත් පුළුවන් උණා .
තුහින : අහ්.... මං හිතුවෙ උඹ පරක්කු වෙයි කියලා.
ආධිල් : නෑ බං... කරන්න වැඩක් තිබ්බෙත් නෑනෙ . ඉතින් ඔන්න ඔහේ ආවා...
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...