ශනෙලි : අයියෙ ? ඔයා ආව එක කොච්චර ලොකු දෙයක්ද .මිදුළට ඇදුළු වෙන කොටම මිදුළ අතු ගගා ඉදපු ශනෙලි ඇවිල්ලා ආධිල්ගෙ අතේ එල්ලුණේ හරිම සතුටින් .
ආධිල් : අද ක්ලාස් නැද්ද ශනූ....
ශනෙලි : නෑ . මේ සති දෙක නිවාඩු . ඒක නෙවෙයි... කොහොමද තුහින අයියෙ ? ඔයාද මෙයාව එක්කං ආවෙ ?
තුහින : හොදයි ශනෙලි . අහ් මං-
ආධිල් : ආ... ඇයි දැන් තුහින මාව එක්කං එන්නෙ ? මං පාර දන්නෑ කියලද හිතේ....
ශනෙලි : අනේ නෑ . තවුසෙ ඉතින් ගෙදර පස් පාගන්නෙත් මුහුද ගොඩගලනවා වගේනෙ . ඒකයි....
ආධිල් : අනේ මේ නිකං ඉන්නවා . කෝ අම්මා ?
ශනෙලි : ඔයාලා ඇතුළට යන්න . මං කකුල් හෝදන් එන්නම්.
ආධිල් : අහ් ඒක නෙවේ ... මේ ශනූ
ශනෙලි : තාත්තා උදේම ගියා . එන්න රෑ වෙයි .
එහෙම කිව්ව ශනෙලි එතනින් දුවලා ළිද දිහාට යන්න ගියා .
තුහින : ශනෙලි උඹට උදව් කරනවා නේද ?
ආධිල් : නොසෑහෙන්න ! අහ්... එන්න අපි ඇතුළට යමු .
ආධිල් තුහිනත් එක්ක ඇතුළට ගියාම තමයි අම්මා කුස්සියේ ඉදන් සාලෙ දිහාට ආවෙ . උදේට කාලත් නැති නිසා මුළින්ම ආධිල්ලගෙ අම්මා කළේ දෙන්නටම කෑම ලෑස්ති කරපු එක . උදේට කාලා බීලා එහෙම ආධිල් අම්මත් එක්ක කතා කර කර ඉන්නකන් තුහින කලේ වත්තට වෙලා ෆෝන් එකට එබිලා ඉදපු එක .
තුහින හිතුවා හරි . තුහිනට උණත් බැහැ මේ දේවල් වලට මැදිහත් වෙන්න . තුහිනට දැනට කරන්න තිබ්බ එකම දේ උණේ ආධිල් එක්කම ආධිල්ට හයියක් වෙලා ඉන්න එක විතරයි . මොන දේ කලත් ඒ ආධිල්ගෙ තාත්තා . ඉතින් කොහොමද තුහින මැදිහත් වෙන්නෙ .
කතා බහ කර කර ඉද්දි කාලය යන එක ඕනවටත් වේගෙන් සිද්ද වෙනවා . අන්න ඒ නිසාම උදේ ඉදන් හවස් වෙනකන් ගියේ හරිම පුංචි වෙලාවක් වගෙයි ආධිල්ට දැනුනෙ . තාත්තා එනකන් ඉදලා තාත්තා ගෙ මූණ නරක් කරන්න ඕන නැහැයි කියලා හිතුන නිසා ආධිල් පහට විතර තුහිනත් එක්ක ගෙදරින් එළියට ආවෙ කොළඹ යන්න හිතාගෙන .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...