අන්කලුත් ආවට පස්සෙ තුහිනලගෙ පවුලෙ අයත් එක්ක ආධිලුත් ඉදගෙන රෑ කෑම ගත්තෙ ආගිය තොරතුරු ගැන දිග කතාබහක යෙදෙන ගමන් . තුහිනලගෙ අම්මගෙ අතින් හදන කෑම හරි රසයි . ඔව් ඉතින් නුවර මැණිකෙක් නෙ .
යෙනූ බබාටත් කලින් කවන නිසා ආන්ටිත් මේසෙන් ඇවිල්ලා ඉදගෙන කෑම කෑවෙ යෙනූ බබාවත් කරත්තෙන් තියලා එහා පැත්තෙන් තියාගෙන . පොඩි කමට නෙවෙනෙ මේ බට්ට්ස්න්ගෙ වැඩ . ඇහැ ගත්තොත් ඉවරයි. ඒ නිසා යෙනූ දිහා එයාගෙ අච්චි ඇහැ ගහගෙනමයි ඉන්නෙ.
කතාවල් මැදින් කෑම කාලා ඉවර වෙලා කට්ටිය සමු දීලා නිදා ගන්න යන කොට්ස් තුහිනත් එක්ක ආධිල් තුහිනගෙ රූම් එකට ආවෙ යුගාන් අයියා මොක්ස්ද කිව්වෙ බලන්න .
තුහින : යුගාන් අයියා නම් කියන්නෙ ශෙවෝන් ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක කියලා .
ආධිල් : හ්ම්... මොකද ශෙවෝන් කියලා තියෙන්නෙ .
තුහින : එහෙම මහ කතා බහක් ගිහින් නෑ . ශෙවෝන් දමලා ගහලා යන්න ගියාලු .
ආධිල් : යුගාන් අයියා නවත්තන්න ගිහින් නැද්ද ?
තුහින : නැහැ . යුගාන් අයියා ඕන නම් හිනා වෙලා බලං ඉන්න ඇති .
ආධිල් : ඇයි ඔයා එහෙම කියන්නෙ . මං හිතුවෙ නවත්වන්න ඇතියී කියලා .
තුහින : ඒ යුගාන් අයියගෙ හැටි බං .
ආධිල් : මේ දේවල් ඉක්මනින් විසදෙනවනම් හොදයි . මං කියන්නෙ අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන් දවසක් එනවනම් .
තුහින : එහෙම වෙයි . අපි හැමෝම මේ දේවල් කරන්නෙ අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් දවසක් එනකන්නෙ ආධිල් .
ආධිල් : හ්ම්... කෝ දෙන්න ඕක .
තුහිනගෙ අතේ තිබ්බ වතුර වීදුරුව අරං එතන තිබ්බ පොඩි ස්ටූල් එක උඩින් තිබ්බ ආධිල් ආයෙම තුහින ගාවට ගියා . රෑට කාලා බීලා ඉවර වෙලා ආධිලුයි තුහිනයි බැල්කනි එකට ඇවිල්ලා කතාකර කර ඉදියෙ . ඇත්ත මේ වෙනකොට ඒ දෙන්නා වටේ ප්‍රශ්න පත්තරයක්ම ගොඩගැහිලයි තිබුණෙ .
තුහින : උඹේ හිතට සැනසීමක් තියෙනවද පුංචිම හරි ?
ආධිල් : හ්ම්... තියෙනවා . මොකද උඹ මගෙ වටේ දේවල් හරි ලස්සනට පෙළගස්වනවා .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...