තුහින ඉදියෙ ඉස්සරහා තිබ්බ සෝෆා එකේ වාඩි වෙලා ෆෝන් එකට එබීගෙන . ඒ වෙද්දිත් වෙලාව නවයහමාරට කිට්ටු කරලයි තිබ්බෙ . ඒත් එක්කම වගේ ඩිස්ප්ලේ එකේ වැටුණේ තමන්ගෙ තාත්තගෙ නම .
තුහින : ආ තාත්තා.... ගුඩ් මෝර්නින්ග් ! මොකෝ කරන්නෙ ?
තාත්තා : ආ ගුඩ් මෝර්නින්ග් . අද කැම්පස් නැද්ද තෙදස්වර ?
තුහින : අද නෑ තාත්තෙ . ලාස්ට් ඉයර් නිසා අතරින් පතර තියෙන්නෙ . හැමදාම නෑ...
තාත්තා : ආ.... එහෙනම් කොලුවො උඹ මේ සෙනසුරාදා දිහාට ගමනක් යන්න ඕන .
තුහින : ඔව් තාත්තෙ කියන්න . මං කොහෙද යන්න ඕන ?
තාත්තා : තේදස්වර පාස්පෝට් එක හදා ගන්න බලන්න ඕන හරිද ?
තුහිනගෙ කටේ කෙළත් වේලුණේ දැන් තාත්තා එන්න හදන්නෙ මොන වගේ මාතෘකාවකටද කියලා එයාට ඉවෙන් වගේ තේරුණ නිසා .
තුහින : ඒ ඇයි තාත්තෙ ? හදිස්සියක්ද ?
තාත්තා : නෑ නෑ . තෙදස්වර මාස්ටර්ස් කරන්න ඔසී යන්න . ඒක තමා මගේ එකම බලාපොරොත්තුව .
තුහින : ඒත් තාත්තා මේ ඩිග්රි එකෙන් පස්සෙ මට මෙහෙ හොද ජොබ් එකක් හොයා ගන්න පුළුවන් නෙ . ආයෙ මොකටද මාස්ටර්ස් !
තාත්තා : ඉගෙන ගත්තුවා පස් යට වැලලෙන්නෑ තෙදස්වර . මං දන්නවා උඹ මේකට අකමැති වෙන්නෙ නෑ කියන්න . ඒ නිසා තෑග්ගක් කියලා හිතා ගනිම් කොල්ලො... එහෙනම්
මං තියන්නම් .මං ඔෆිස් එකේ ඉන්නෙ....තුහින : ඒත් තාත්-
තුහිනගෙන් පතිචාරයක් බලාපොරොත්තු නොවීම තාත්තා කෝල් එක කට් කළේ තුහින ෆෝන් එක පුටුව උඩට විසි කරලා නැගිටලා දොරකඩට එනකොට . තුහින ඉදියෙ බෙල්ල මුලටම හිරවෙලා .
තුහින : ඕහ් ශිට් .... මටමනෙ වෙන්නෙ .
ආයෙම තුහින ඇවිල්ලා ෆෝන් එක ගත්තෙ ආධිල්ට කෝල් එකක් ගන්න ඒත් එයාට මතක් උණේ දැන් ආධිල්ට ලෙක්චර්ස් කියලා . ඒ නිසා ඒ වැඩෙත් පස්සට දාලා තුහින ඇදුමක් දාගෙන එළියට ආවෙ බයික් එකේ යතුරත් අරගෙන .
ලෙක්චර්ස් ඉවර වෙලා ෆෝන් එක අතට ගත්තු ආධිල් දැක්කෙ තමංගෙ වෝල් පේපර් එක ඉස්සරහා වැටිලා තිබ්බ මිස් කෝල්ස් . වෙන කාගෙන්වත් නෙවෙයි තුහිනගෙන් . කැන්ටිම දිහාට එන ගමන් ඉදපු එක එහෙම්මම නතර කරලා ආධිල් තුහිනට කෝල් බැක් කළේ තුහින කවදාවත් එක දිගට මෙච්චර කෝල්ස් ගන්නෙ නැති නිසා . ඒකත් තමං ලෙක්චර්ස් වල ඉන්න කොට .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...