නිම්න : උඹලා කීයටද එහෙන් ආවෙ ?
තුහින : හයට විතර තමා නුවර බස් එකට නැග්ගෙ . පට්ට ට්රැෆික් එකක් තිබ්බෙ .
නිම්න : අහ්... ඒත් මං බැලුවා ඇයි මෙච්චර පරක්කු කියලා . ඒක නෙවෙයි ආධිල් ව මං මේ දැක්කෙ හරියටම කිව්වොත් ,
ආධිල් : අවුරුදු පහකින් විතර නේද අයියෙ . එදා කලින් සැරේ මං එද්දිත් අයියා ඉදියෙ නෑනෙ .
නිම්න : ඒක ඇත්ත . බලහන්කො උඹ ලොකු වෙලා තියෙන තරම .
තුහින : මුගෙ කටත් එහෙමයි ඈ .
ආධිල් : අනේ ඉදපන් බං . මොකද වෙන්නෙ අයියෙ ඉතින් ?
නිම්න : මංදා බං . වෙන්නෙ නම් හිතුවෙවත් නැති දේවල් .
ආධිල් : හ්ම්... තුහිනත් කිව්වා මට . වෙන්න තියෙන දේවල් වෙන්නෙ මිනිස්සුන්ටමනෙ අයියෙ .
තුහින : ඇත්තක් ආ....
නිම්න : ඔන්න ආවා එහෙනම් .
කාර් එක ඉස්සරහා ගාර්ඩ්න් එකේ නවත්තපු නිම්න එහෙම කිව්වම තුහිනයි ආධිලුයි බඩු ත් උස්සගෙන කාර් එකෙන් බැස්සා . දෙන්නා එන්න රෑ වුණ නිසා නිම්න නුවර බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ඉදියෙ ආධිල්වයි තුහිනවයි ගන්න . ගේ ඇතුළට ගිහින් දෙන්නත් එක්කම වොශ් එකක් දාගෙන පහළට ඇවිල්ලා ආධිල්ගෙ අම්මා රෑට උයපු කෑමත් බඩට දාගෙන එහෙම්ම නිදා ගන්න ගියේ දැනුන මහන්සියට . උදේ කැම්පස් ගියපු පාරනේ ඉතින් මොනා උණත් .
අම්මා : ආ... පුතා ගුඩ්මෝනින් ! නින්ද ගියාද ?
ආධිල් : ගුඩ්මෝනින් ආන්ටි . හ්ම්....වැටෙන පමා නින්ද ගියා ඈ .
නිම්න : තිබුණ මහන්සියට වෙන්නැති .
ආධිල් : හ්ම්... කෝ අයියෙ තුහින ? තාම නිදිද ?
නිම්න : අම්බෝ මල්ලී... අපේ එකා තාම නිදි කිව්වොත් ඒක තමයි ලෝකෙ තියෙන ලොකුම පුදුමෙ . නැද්ද අම්මා !
අම්මා : අනේද හා... ඔන්න පොඩි එකීවත් උස්සගෙන වත්ත පැත්තට යනවා දැක්කා මං . ආහ්... පුතා මේ ඔයාගෙ තේ එක .
උණුම උණු තේ කෝප්පයක් ආධිල්ගෙ අතට දුන්න තුහිනලගෙ අම්මටත් හිනා වෙලා අයියටත් කියලා ආධිල් මග් එකත් උස්සගෙන ආවෙ ගාර්ඩ්න් එක දිහාවට . යාන්තන් ගිය්ස්පු වැස්සත් එක්ක තණකොළ මිදුල පුරා යාන්තන් වැහි බිංදු රැදිලා තිබ්බා . ඒවා කකුලෙ ගෑවෙනකොට දැනෙන පුංචි සීතලට ආධිල් කැමති උණා . තේ එකත් අරං ආද්ජිල් ඇවිදගෙන ගියේ තුහින පොඩි කෙල්ලවත් තියං ඉද ගෙන උන්නු බංකුව දිහාට .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...