නිරාශා : හලෝ.... ශෙවෝන් . උඹ හෙට වැඩ දෙහිවල නේද ?
ශෙවෝන් : ආ.... ඔව් ඔව්.... මොකද මේ අපිව මතක් වෙලා තියෙන්නෙ කාලෙකින් .
නිරාශා : හෙට පහ වෙද්දි මවුන්ට් ලැවීනියා ගාවට එන්න . මට උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්නෝන .
ශෙවෝන් : ඒ ඇයි .... ඉතින් මෙහෙම කියපන් .
නිරාශා : මෙහෙම කියන්න බෑ බං . මෙහෙම කියන්න පුළුවන් නම් උඹට මං එන්න කියනවද ? හරි ඒනම් බායි . ගුඩ්නයිට් .
ශෙවෝන් : මේ අහ-
ටීක් ටීක් ටීක්
ආධිල් : උඹ ෆෝන් එකෙනුත් ඒ සැරේ බෙරිහන් දෙන්න අරගෙනද ? අනික කොහෙද යකෝ ගුඩ් නයිට් වෙන්නෙ මේ පට්ට දවල් .
තුහින : බෙහෙත් අරං දෙන්න වෙයි වගේ ළගදිම .
නිරාශා : අන්න බලන්නකො . වැරදිලාඅ ගුඩ් නයිට් කියවුනා . මේ මං ආපහු කෝල් එකක් දීලා ගුඩ් නයිට් කියපු එක ඉල්ලා අස් කර ගන්නද ඒයිලා ?
තුහින : නෑ නෑ... මෙන්න මෙහෙන් ඉද ගනින් .
ආයෙම ෆෝන් එක අතට ගත්තු නිරාශාගෙ අතින් ඇද්දම කෙල්ලව ආයෙම ඉදපු තැනින්ම ඉන්ද වුනේ ආධිල් බක බක ගගා හිනා වෙන කොට .
නිරාශා : ශෙවෝන් ගෙන් මං මේ දේ අහගෙනම තමයි නවතින්නෙ .
ආධිල් : හ්ම්....මේ යන විදියට මටත් හිතෙනවා උඹ අහගෙනම තමයි නවතින්න යන්නෙ කියලා .
නිරාශා : හුම්... ඒකනෙ . මේ තුහින ?
තුහින : හ්ම් ?
නිරාශා : මං ළග අදහසක් තීනවා .
තුහින : මොකද්ද ඒ සැරේ ?
ආධිල් : කට උත්තර නැති අදහසක් තමයි ඉතින් . බොරුනම් බලපන්කො....
තුහින : කෝ දැන් කියලා ඉදහංකො....
නිරාශා : ඔය දෙන්නා දැන් කවදා හරි මැරි කරනවනෙ . ඊට පස්සෙ බැරිද ඔය දෙන්නට මාව දරුකමට හදා ගන්න ?
ආධිල් : කැහ් කැහ්... මොකහ් ? දරු- දරු කමට ?
තුහින : ඈ... අපි මොනා කළාටද ?
නිරාශා : නෑ ඉතින් . එතකොට අපිට මේමම ඉන්න පුළාම්නේ...
තුහින : ඇයි උඹේ වෙන්ඩ බෝයිෆ්රෙන්ඩ් ?
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...