" නිර්නාමික -56 "

129 8 5
                                    

ශෙවෝන් : ඕක නවත්තලා නිකං ඉදහං බං !

තුහින : ඒක නෙවෙයි ශෙවෝන් මේ ප්‍රශ්නෙට උත්තරේ . උඹ ඇයි මෝඩ විදියට හැසිරෙන්නෙ බං .

ශෙවෝන් : මොකද මට එදා වගේ ආපහු සැරයක් ඒ දේවල් වෙන්න දෙන්න ඕන නෑ . තේව් අයියා උණත් මගෙ පස්සෙ වැද වැටෙන්න ඕන නෑ බං . ඇයි එයා එහෙම කරන්නෙ ?

තුහින : මොකද ඒ උඹට තියෙන ආදරේ නිසා ශෙවෝන් . ආදරේ තමා සේරටම මුළ . හිතෙන හිතෙන වෙලාවට තමන්ගෙ ආදරේ එක එක්කෙනාට මාරු කරන්න බෑ බං .

ශෙවෝන් : අනේ නිකං ඉදපන් තුහින . මට මේ දේවල් වලින් පිස්සු හැදිලවත් නත්‍ර උණොත් හොදයි.

තුහින : උඹේ හිත මුරණ්ඩුයි . මට තේරෙන්නෑ කොහොම තේරුම් කරන්නද කියලා . ඒත් උඹ දැන ගනින් , තේව් අයියා වගේ උඹව බලාගන්න පුළුවන් කෙනෙක් උඹේ ජීවිතේට හම්බෙන්නෙ නෑ ශෙවෝන් .

ශෙවෝන් : ......

තුහින : උඹට තේරෙනවද මේකෙ තියෙන බරපතලකම ! පොඩ්ඩක් හිතේ ගැඹුරින් හිතලා බලපන් බං . මතුපිට හිතින් ගන්න තීරණ වලට වඩා ගැඹුරින් හිතලා තීරණ ගද්දි ඒ තීරණ වලට පැවැත්ම වැඩී .

ශෙවෝන් : උඹ මොකද්ද මට කරන්න කියන්නෙ තුහින ? උඹ නොදන්න ගොඩක් දේවල් තියෙනවා බං !

තුහින : හැම කෙනාටම තමන්ගෙ ආදරේ තමංට ඕන විදියටම ලැබෙන්නෑ ශෙවෝන් . සමහර විට එයාට නොපෙනුනාට තව කෙනෙක් එයා මත්තෙ නැහෙනවා වෙන්න පුළුවන් . හරරියට යුගාන් අයියා වගේ .

ශෙවෝන් : ඒක එයාගෙ වැරැද්ද බං . මං කිව්වා මං ගැන බොරුවට බලාපොරොත්තු තියා ග්ස්න්න එපයි කියලා .

තුහින : ආදරේ කරන එක වැරැද්දක්ද ශෙවෝන් ? අනික උඹ හරි ලේසි උත්තරයක් දුන්නා කියලා හිතනවනම් , දැනගනින් මං දැකපු ආත්මාර්ථකාමීම උත්තරේ තමයි ඒක.

ශෙවෝන් : .......

තුහින : හිතලා තීරණයක් ගනින් . මං ආවෙ උඹට දෙයක් කියන්න . මට පේන විදියට මේ සේරම කණපිට පෙරළෙන්න යන්නෙ ශෙවෝන් .

ශෙවෝන් : මොකක් ? කියන දෙයක් හරියට කියහන්කො...

තුහින : මං හිතන්නෙ මට මාස්ටර්ස් වලට රට යන්න වෙනවා බං . තාම හරියට දන්නෑ . ඒත්....

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now